Wednesday 4 December 2013

අක්කිගේ කක්කි කින්ඩිය



 
බුකියෙන් හමුවුනා කිසිදා  නොදන්නා මිතුරියක්...
හායි කියා එව්වා ඇය පණිවිඩයක්...
දිනක්  දෙකක් ගෙවුනා හමුවී ඇයත්...
මැදියම් රැයක ඒවා තිබුනා love you කියලා පණිවිඩයක්...

වරක්  දෙවරක් නොව තුන්වරක් බැලුවා  පිසදා දෑස මගේ...
මොකක්ද මේ වෙන්නේ  හීනයක් වගේ...

මොකක් වුනත් කමක් නෑ යැව්වා පිළිතුර මගේ...
me 2 නංගි දෙන්නම් ආදරේ බොක්කෙන් මගේ...

එව්වා ඇගේ අංකය දුරකතනේ...
සතියක්  දෙකක් කතා කරා රෑ යාමේ...
දිනක්  කිව්වා හුමුවන්නට ඕනේ කියා  ලගදී  අනේ...
කොල්ලත් හා  කිව්වා බලන්න ඕනේ නිසා අනේ...

ජැන්ඩි පහට ඇද ගෙන  ගියා හමුවන්න ඇය...
පැයක් දෙකක් ගියා අනේ තාම නැනේ  ඇය...
දැන් එනවා දැන් එනවා කියනවා ඇය...
ඉවසන් හිටියා කීයට හෝ එයි කියා ඇය...

සුදු දෑතක් තිබ්බයි මගේ කර උඩ...
බැලුවයි කවුද කියා පිටුපස...
මල කෙලියයි අක්කා නේද පහල ගෙදර...
මගේ දිව පැටලුණි සතර කොන...

නැතුවයි තිබුනේ අංකය හුමුවුණු  එකත් හොදයි ඔයා...
මෙන්න මගේ අංකය  දෙන්න මට ඇමතුම පසුව කියා...
අංකයක් දුන්නයි අක්කා  සිරික්කිය දමා...
සටපට  ගාලා එබුවයි දුන් අංකය එයා...
 
මල කෙලියයි අක්කද  බුකියේ චැට් කරේ එදා...
කොහොමද මුහුණ දෙන්න මෙමා...                                       
සතර අතේ කල්පනා කරන්නේ මෙමා... 
මට මොකද අක්කනේ  love you කිව්වේ එදා...


සැ.ය.
>> සත්‍ය කතාවක් ඇසුරෙන් සුදුකල අසත්‍ය කතාවකි ...(අන්සතු අත්දැකීමකි )
>>රුවිතට ලිව්ව මොකක්ද මන්ද එකක්ය එනිසා මේ මොකක්දැයි විමසීමෙන් වලකින්න

28 comments:

  1. විනාසයි.... ඊට පස්සේ අක්කව හම්බුනාද..........????

    ReplyDelete
  2. කම්බි වැට පණින එක විතරනේ . වැඩේ නැගලා යන්න ඇති

    ReplyDelete
    Replies
    1. අඩේ අපි හොද ළමයි අපිනම් ඕවට නෑ

      Delete
  3. wili lejjaawe santhoose be.......

    ReplyDelete
  4. ඉතින් ඊට පස්සේ මොකද වු‍ණේ? අක්කත් මාර යි :)

    ReplyDelete
    Replies
    1. මොනවා වෙන්නද තැන තැන ඕක කියා කියා මාව බයිට් කරනවා

      Delete
  5. විනාසයි... ඊට පස්සේ මොකද උනේ :O කොල්ලන්ට love u කියන කෙල්ලොත් ඉන්නවද

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් බැලුවේ

      Delete
    2. ඉන්නවා.. අම්මෝ අදහස් වලට ලව් කරලා එක කෙල්ලෙක්ගෙන් විසුමක් වෙන්න බැරුව ගියා. මට තේරුනා ඇඟටමයි එන්නෙ කියල.. මම කිව්ව ඉතින් මේ මට මෙම දෙයක් තේරෙනවා අනේ ඒම දෙයක් තියනවනම් ගහ පොඩි කාලෙදිම කපන්න ලොකු උනාම කපන්න අමාරුයි කියලා.. අන්තිමේ ඉතින් කියන්න ගත්තෙ නැද්ද ?

      දැං උබලා අහන ප්‍රශ්නෙ මම දන්නව :D

      නෑ බං.. මං එතකොට කෙනෙක්ගැන හිත හිත ඉදියෙ.. ඒකිගෙ ප්‍රොපයිල් එකට ගියාම මට වඩා හෙන උස එකියක්.. මාව දකින්නෙවත් නැතුව තමයි එයා ඒම කියල තියෙන්නෙ.. මං ඉතින් බොහෝම කරුනාවෙන් එයාට කියල දුන්නා...ඒකට අර මම කැමැත්තෙන් හිටිය එක්කෙනත් මල පැනල හිටියෙ හැබැයි :D

      අවසානය - දැන් එයාට කෙනෙක් ඉන්නවා.. මට තමයි නැත්තෙ.. හුකැස් :D

      Delete
  6. දෙන දෙයියො ඔය ටොක්කක් ඇනලම දීල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ වදින එක හිල් වෙන්න වැදුනා

      Delete
  7. ලැජ්ජාව බාල්දියෙන් එකයි

    ReplyDelete
    Replies
    1. බල්දියෙන් බේරුණු නිසා හොදයි

      Delete
  8. ඒ කියන්නෙ අක්ක දැනගෙන ද ඉඳල තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් එකනේ ඉවසන්න බැරි ලැජ්ජාව

      Delete
  9. මම වීඩියෝ එකක් දැක්කා. ස්කයිප් චැට් එකක්.. කොම හරි ටෙක්ස්ට් කරල ඉවර වෙලා වීඩියෝ කෝල් එක ගන්නකොට හුටා තාත්තයි දුවයි :D

    ReplyDelete
    Replies
    1. ඔය වගේ සීන් කොච්චර වෙනවද බන්

      Delete
  10. Replies
    1. ආයෙත් අහලා පචාතයි

      Delete
  11. හත් වලාමයි....අසහනකාරී Girl at the next door....:D

    ReplyDelete
    Replies
    1. මමවත් සහනයක් දෙන්න බැලුවේ

      Delete
  12. අල්ලපු ගෙදරනෙ වැඩෙ ලෙසි වෙන් ඇති :P

    ReplyDelete

පොස්ටුව කියවලා හිතට එන දේවල් වලට තිත නොතියා ...
අපිටත් දැන ගන්න මොනවා හරි කුරුටු ගාලා ගියා කියලා මයේ අකමැත්තක් නැහැ ....

Read More Post Slideout Widget For Blogger

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...