කොහොමද ඉතින් කට්ටියට හොදින්නේ .... මන් අද කියන්න යනදේ කියෙව්වාම හිතෙයි ද දන්නේ නෑ ... මට කියන්න වෙන දෙයක් තිබ්බේ නැද්ද කියලා ඒ වුනාට මේදේ නොකියත් බෑ ...
මේක සිද්ද වුනේ 11 වසරේ අන්තිම දවස්වල . ඒ කියන්නේ සාපෙ අත ලග ... ඒ කාලේදී ඉතින් වැඩිපුර සෙමිනා වලට ගියානේ. ඒ දවස් වල අපි දන්න කියන සර් කෙනෙක්ගේ සෙමිනා එකකුත් නුගේගොඩ තිබ්බා. ඉතින් ටියුෂන් ක්ලාස් එකේ කස්ටියත් එක්ක සෙට් වෙලා මාත් මේ සෙමිනා යන්න තීරණය කරා. කොහොම හරි කට්ටිය 30ක් විතර ගමනට යන්න සෙට් වුනා ,, දන්නවනේ ඉතින් කට්ටිය සෙට් වුනාම ,,, එකාට එකා 2වෙනි වෙන්නැතුව කෑ ගහනවා කොහොම හරි ඉතින් ඇවිත් අතුරුගිරියෙන් බස් එකට නැගලා කට්ටිය පිටි පස්සේ සීට් එක අක්ක්‍රමනය කරගෙන ඉද ගත්තා බස් එක යන්න පටන් විනාඩි 15ක් යන්න කලින් බස් එකේ බාගයක්ම යටත් කර ගත්තා .... හරියට ගෙදරින් ගෙනාපු බස් එකක් වගේ කෑ ගහනවා , විහිලු කරනවා ,, එකම කාල ගෝට්ටියක් වෙලා ,, ඉතින් උදේම වැඩට යන අක්කලත් මේවා බල බල හිනා වෙන කොට අපේ උනුත් ඔටෝ චු..න් වෙනවා ,,,,
අතුරුගිරියෙන් පටන් ගත්ත මුන්ගේ වාචාල කට වල් පොඩ්ඩක් හරි වහුනේ නුගේගොඩින් බැස්සාම,, වැස්සක් වැහැලා පෑව්වා වගේ ... විනාඩි 5ක් යන්න හම්බ වුනේ නෑ මෙන්න සෙමිනා එකට යන තව ගැටිස්සියෝ සෙට් එකක් හම්බ වුණා ... ඔන්න ඉතින් ආයෙත් පටන් ගත්තා ,,, සක්කිලි පඩි ගත්තා වගේ කෑ ගහනවා .... සෙමිනා එකට ඇතුල් වුනාම තමයි කට්ටියගේ කටවල් වැහුනේ,,,
පැය 2ක් විතර තිබුණු සෙමිනා එක ඉවර වෙලා ආයේ යන්න හදද්දී ආපු කට්ටියගෙන් බාගයක්ම නෑ.... උන් ප්රයිවට් ගමන් ගිහින්.. අපිට කවුද ඉතින් එහෙම ගමන් යන්න ඉන්නේ කියලා හිතාගෙන අනිත් උන් එක්ක ආයේ එන්න බස් එකට නැග්ගා.
අපේ උන සෙමිනා යන්නේ මුන් වගේ
අප්පා,,, මුන් ටික අරුන්ගේ අඩු පාඩුත් පිරෙන්නම පිස්සු කෙලිනවා ... කොහොම හරි බස් එකකත් කොට කොට කොට්ටාවට ආවා ,,, එතකොටම බස් එකට අඹ කාරයෙකුත් නැග්ගා ,,, කට්ටියම මිනිහගෙන් අඹ ගත්තා ,,, එවෙල්ලේ අඹ කන්න මට උවමනාවක් තිබ්බේ නැතත් ,,, අපේ උන්ගේ බලකිරීම හින්දම මමත් රුපියල් 100 කොලයක් දික් කරේ අඹ පැකට් එකක් ගන්න කියලා හිතා ගෙන, මිනිහත් සල්ලි අරගෙන අඹ පැකට් එකක් දීලා කිව්වා
"මල්ලි මාරු සල්ලි නෑ මං ටක් ගලා බැහැලා ගිහින් මාරු කරන් එන්නම්"
මමත් ගත් කටටම හා කිව්වේ කොට්ටාවේ බස් එක නැවත්තුවම ආයේ ලේසියෙන් බස් එක ඉක්මනට යන්නේ නැති නිසා .. මොකද සාමාන්‍යයෙන් ඔතන බස් එක නැවත්තුවම විනාඩි 15ක් විතර එතන ඉන්න හින්දයි ,, මෙන්න කවදාවත් නැතුව බස් එක අද්දුවා ,, අබ කාරයත් නෑ , ඉතුරු සල්ලිත් නෑ මං නිකමට බස් එකෙ ජනේලෙන් එහා පැත්ත බලන කොට ඈත කඩේක අබ කාරයා ඉන්නවා ,,,
මොනවා කරන්නද අබ කෑවොත් ඔහොම්මමයි .... අතුරුගිරියට එනකන්ම අපේ උන් කිව්වේ අබ කාරයා ඕන කමින් තමයි ආවේ නැත්තේ කියලා ,,, මොනවා කරන්නද හිත හදාගෙන ගෙදර ආවා..
කොහොම හරි ඉතින් සාපෙත් ලිව්වා ,, ඊට පස්සේ නිවාඩු කාලේදී 12 වසරේ අමතර පන්ති පටන් ගත්තා නුගේගොඩ ,, දවසක් මං නුගේගොඩ ඉදන් පන්ති ඉවර වෙලා ගෙදර එනකොට කොට්ටාවෙදී මෙන්න නැගපි අර අබ කාරයා ,,,, මෑන්ව දැක්ක ගමන් මට මතක් වුනේ මගේ රුපියල් 100 ඒ වුනාට දැන් ඉල්ලන්නත් බෑ මොකද ඕක සිද්ද වෙලා මාස ගානක් ගෙවිලානේ ,, අනික ඉල්ලද්දී මිනිහා මතක නෑ කිව්වොත් මට බස් එකේ නොන්ඩි වෙන්න, වෙන නිසා, රුපියල් 100 අමතක කරලා වීදුරුවෙන් එහා පැත්තේ යන ගැටිස්සියෝ දිහා බල බල හිටියා ,,,
දැන් කට්ටිය හිතනවා ඇති මේකා රුපියල් 100 කට මෙච්චර ලොබද කියලා ...... හික්ස් .. අද කාලේ ඉතින් වැඩක් නැති වුනාට ඒ කලේ වටිනවනේ ඒ කලේ කියන්නේ දැන් අවුරුදු 2කට විතර කලින් ,,,හොදේ ... අද කාලෙනම් 100න් පාන් කන්නත් බැනේ

ඔන්න ඉතින් මං ඔහොම ඉන්න කොට ,, මෙන්න එක පාරට පිටිපස්සෙන් ඇවිත් කව්ද මන්ද තට්ටුවක් දැම්මා ,,, ආ ... ආ .. මේ අබ කාරයනේ මෙන්න මිනිහා මට එදා රුපියල් 100 ඉතුරු දුන්නා මටනම් හිත ගන්න බැරි වුණා

"මං හිතුවේ අයියට මේක දැන් අමතක වෙලත් ඇති කියලා"
කට කොනින් හින වෙන ගමන් මිනිහා මට කිව්වා ,,,,
"මල්ලි සල්ලි වලට වඩා මනුස්ස කම වටිනවනේ ,,,,, මං එදා සල්ලි මාරු කරන් එද්දී බස් එක ගිහින්"
එහෙම කියාගෙන මිනිහා එදා බස් එකෙන් බැහැලා ගියා,, මිනිහා එදා කිව්ව ඒ වචන ටික මට තදින්ම කාවැදුනා,, එදා ඉදන් හැමදාම වැගේ මන් පන්ති ගිහින් එන ගමන් මිනිහගෙන් අබ ගත්තා ,,, මිනිහත් බස් එක යනකන් මාත් එක්ක ආගිය තොරතුරු එහෙම කතා කරා ,,,,, එත් එක පාරටම මාස 2ක් විතර යද්දී මිනිහා අතුරු දහන් වුණා , මං හිතන්නේ වෙන පළාතකට යන්න ඇති ,, මොනවා වුනත් මගේ ජිවිතයේ හම්බ වුණ සොදුරුතම මිනිසෙක් කිව්වොත් මං හරි ,,,,
සමහරුට හිතෙන්න පුළුවන් අද මගේ පොස්ට් එක වැඩක් නෑ ,,,, කියලා සමහර විට ඕගොල්ලන්ට මේ වගේ මිනිස්සු නිතර හම්බ වෙනවත් ඇති ,,,, ඒත් මට එහෙම හම්බ වුණා පළමු කෙනා තමයි මේ ,,, මං කලින් කිව්ව වගේ කොන්දොස්තරලා ඉන්න ලංකාවේ මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියලා කියන්නයි මට ඕන වුනේ ......
තව දෙයක් කියන්න ඕනේ මං පොස්ට් එකේ අබ කාරයා කියලා මිනිහට කතා කරපු එක වැරදිද මන්ද ඒ වුනාට මට එකට දාන්න වෙන වචනයක් ඔලුවට ආවේ නෑ ,,, එකට සමාවෙන්න ,
ගිහින් එන්නම් ..... ජය!!!
සොදුරු මතකයකින් ලියැවුනු ලස්සන ලියැවිල්ලක්නේ අපුරුයි.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
නියම ලිපියක් සහෝ...
ReplyDeleteඔබට ජයෙන් ජය!
@Naleen Dilruksha ස්තුත්යි නලීන්
ReplyDeleteමාත් දන්නවා වගේ ඔය කියන කෙනාව.... හි හි...
ReplyDelete@??? - WAKA ස්තුත්යි
ReplyDelete@හිරු හි ,,, හි ,, ඇත්තට
ReplyDeleteපට්ට පෝස්ට් එකක් බන් ඒ මිනිහට උඹව මතක තිබ්බ ඒකම ලොකු දෙයක්.සමහර විට උඹව දැක්කම උට දුක හිතෙන්න ඇති.මොනා වුනත් නියම මනුස්සයෙක්.
ReplyDelete@මඩිස්සලේ නිශාන් ඔව් වෙන්න පුළුවන් ... මාව දැකලා දුක හිතෙන්න ඇති ,,,
ReplyDeleteවටින මනුස්සයෙක් එයා..
ReplyDelete@dreams ඇත්තෙන්ම ඔව් ,, මේ වගේ මිනිස්සු හරි අල්ප වශයෙන් ජිවත් වෙන්නේ
ReplyDeleteලංකාවට ඕනි අන්න ඒ වගේ මිනිස්සු
ReplyDeleteනියම ලිපියක් ජය
@Lahiru Mudith හ්ම්ම්ම්
ReplyDeleteඅහ්.... ඒක නියමයි.... අබ නෙවෙයි බොල අඹ නෙව....
ReplyDeleteඅවුලක් නැහැ ඉතින්
අඹ වෙළෙන්ද කියමු නේද.......
ඇත්තට ඔය වගේ අය ලංකාවෙ ඉන්නව... සමහරු ඒ ගැන දන් නැහැ...
ලස්සනට ලියල තියෙනව... සුන්දර මතකයක් ගැන!!
ජයවේවා!! සහෝ
@Nipuna Senanayake ස්තුත්යි මිත්‍රයා.. ජය !!
ReplyDeleteඅර සෙමිනා යන පින්තුරේ මරු හලෝ..
ReplyDeleteඇත්තටම අපූරු මනුස්සයෙක්..
ජයම වේවා මල්ලෝ..
@හිරුමාවී සෙමිනා යන පින්තුරේ හොද වැඩි
ReplyDeleteජය !!
සමහර හිතන්නේ නැති වෙලාවලදී ජීවිතේට එන සමහරු කවදාවත් අමතක කරන්න බෑ බං
ReplyDelete@දිනෙල්ක ඒක කිව්වේ වෙන සිහියකින්ද මන්දා... :P
ReplyDelete““සමහරුට හිතෙන්න පුළුවන් අද මගේ පොස්ට් එක වැඩක් නෑ ,,,, කියලා““
ReplyDeleteඑහෙම හිතන්න එපා මේ පෝස්ටුවෙනුත් යමක් ගන්න තියෙනවා... ජීවිතයේදි අපි හැම කෙනෙක් එක්කම බොහොම සුහදව ජීවත් වෙන්න ඕනෙ... රැකියාව කුමක් වුවත් අපි ඕනෑම කෙනෙක්ට ගෞරව කරන්න ඉගෙන ගන්න ඕනෙ... ඒකෙ ප්‍රතිලාභ කරලාම බලන්න...
@සිරගෙ කාමරේ බොහොම ස්තුතියි.. සිරා
ReplyDeleteඔය වගේ අය හම්බෙන්නෙ නම් බොහොම කලාතුරකින් ඇත්තටම හොද මනුස්සයෙක්. ඒ මනුස්සයගෙ මනුස්සකමට මනුස්ස කමෙන්ම සලකන්න අමතක නොකරපු එකත් ලොකු දෙයක්.
ReplyDeleteඅදමයි ආවෙ හොද අත්දැකීමක් කියෙව්වා..
ජය!!!
@nishi ස්තුතියි ,,,, දිගටම එන්න .. :)
ReplyDeleteජයෙන් ජය !!!!
අදමයි ආවේ.. ඒ මනුස්සයා කියපු වචන ටික නම් මටත් හිතට දැනුනා..ඇත්තනේ..දැන් ඔහොම මිනිස්සු හොයන්නත් නෑ... ආයෙමත් මේ පැත්තෙ එන බලාපොරොත්තුවෙන් ජය පතනවා..!!!
ReplyDelete@ශම්මි ස්තුතියි ,,,, නැවත එන්න
ReplyDeleteජයෙන් ජය !!!
නියම මනුස්සුයෙක් ගැන කතාවක්.. ඉල්ලගෙන යන සල්ලිත් අමතක වෙන මේ කාලේ.. ඔය වගේ මිනිස්සු රත්තරං වගේ..
ReplyDeleteසෙමින යන එක පට්ට ආතල් වැඩක්.. අපි අනුනගේ සබ්ජෙක්ට් වලටත් සෙමින ගිහින් තියෙනව පැණි පෙරණ වැඩ වලට..
ජය...
@බණ්ඩා ... සෙමිනා යන එකනම් ආතල් තමයි
ReplyDeleteඇත්තටම වටින ලිපියක්. මේ වගේ අය හොයාගන්න අමාරුයි. එදා ඔයාල ඒ මනුස්සය ගැන වැරදියට හිතුව වංචාවක් කළා කියල. අපි හිතන දේවල් වරදින වෙලාවල් තියෙනවා. හැමවෙලේම කෙනෙක්ගෙ නරකක් නොදක ඒක හොඳක් හරි දකින්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද?
ReplyDeleteආසාවෙන් කියෙවුවා. ජය වේවා!!!!!
@මධූ ඔයා කියන එක ඇත්ත ... ඒක මන් පිලිගන්නවා ..
ReplyDeleteඅන්න මිනිස්සු. "වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත" කියන්නේ ඒකනේ. ඇත්තටම මේ පෝස්ට් එක ඉතාම වටිනවා.
ReplyDelete@Chandana ස්තුතියි අදහස් දැක්වුවාට...
ReplyDeleteසිරාවටම මෙ වගෙ ලිපි ලියවෙනව අඩුයි බ්ලොග් අව්කාශයෙ ඔබට ජය..
ReplyDelete@සචිත් ඔබටත් ජයෙන් ජය !!
ReplyDeleteඅඹ කාරය උතුම් මිනිහෙක්..
ReplyDeleteහොද ලිපියක්.
ජයෙන් ජය..!
@Lanka Kata Katha ස්තුතියි මිත්‍රයා ... දිගටම එන්න
ReplyDeleteම්..පරක්කු වෙලා වගේ මම අද මේ පැත්තෙ ආවෙ..
ReplyDeleteහ්ම්..ඇත්තටම අද කාලෙ ඔහොම අවංක මිනිස්සු හුඟාක් අඩුයි..ඒ අතරින් ඔයාට හම්බවෙලා මල්ලී අවංක මනුස්සයෙක්...
ලස්සනයි පෝස්ටුව..
හොඳ මිනිස්සු අඩු කාලේ පොර නම් දෙවියෙක්.
ReplyDelete@හිමා ... පරක්කු වෙලා හරි ආව එකට ස්තුතියි ,,, දිගටම මේ පැත්තට එන්න ජයෙන් ජය !
ReplyDelete@රතී, එකනම් ඇත්ත දිගටම මේ පැත්තට එන්න ,,,
ReplyDeleteලෝකේ සොඳුරු තැනක් වෙන්න මෙහෙම මිනිස්සු බලපානවා. :)
ReplyDeleteමෙකනං අච්චාරුවක්ම තමා නියම ලිපිය ඇ ඔබට ජය !!
ReplyDeletealexander cage ,, & dilum
ReplyDeleteදෙන්නටම තැන්කු මචෝ ....