Wednesday 28 November 2012

මොකද තමුසේ ඔය පොල්ල උස්සන් ,,,,



          
             කස්ටියට කොහොමද ,, ඔක්කොටම කලින් සමාවෙන්න කියන්න ඕනේ සති 2කින්  විතර පොස්ටුවක් කොටන්න බැරි වුනා.... අද හෙටම සිරි ලංකාවට පය තියන්න තමයි ලෑස්තිය ඒ නිසා වැඩ වැඩි ,,, හරි හරි අනං මනං අහන්න නෙමෙයි ආවේ  කතාවට බහිමු ,, අද කියන්න යන්නේ ඉස්කොලේ දී වෙච්ච සින් ටිකක් මේ ඔක්කොම වුනේ දවස් 2ක් ඇතුලත ..... කතාවට යමු ,,

      මේක සිද්ද වුනේ 10 වසරේ අන්තිම දවස් වල,, ඒ දවස්වල තමයි අපේ ඉස්කෝලේ " english day " එක තියන්න ලෑස්ති කරලා තිබ්බේ.. පාසලේ ඉංග්‍රීසි උගන්වන ප්‍රදාන ගුරුතුමිය අපේ පංතියේ හිටිය හින්දම ද
Read More

Wednesday 14 November 2012

දැන් එයාට මාස 3ක් .....




මම >  දැන් එයාට  මාස 3කුත් වුනා  බන් ..

නිසල් > මොකක් #$%^^  මාස 3ක් කාටද ?

 මම > එයාට බං

නිසල් > මොකක්  #$^^^& උබ මට කිව්වෙත් නැනේ ,, උබ මට නොකියා ඔය වගේ වැඩක් කරාද?

මම > මන් කරන හැම දේම උබට කියන්න ඕනෙද ?

නිසල් > යකෝ දැන් මොකද කරන්නේ ? උබලගේ ගෙදර අය දන්නවද  මේක ..

මම > නෑ ඇයි ?

නිසල් > උබ දැන් මොකක්ද කරන්න හිතන් ඉන්නේ ?
Read More

Sunday 4 November 2012

අපේ උන්ගේ සෙමිනා යාම හා කොට්ටාවේ අඹ කාරයා

    

       කොහොමද ඉතින් කට්ටියට හොදින්නේ .... මන් අද කියන්න යනදේ කියෙව්වාම හිතෙයි ද දන්නේ නෑ ... මට කියන්න වෙන දෙයක් තිබ්බේ නැද්ද කියලා ඒ වුනාට මේදේ නොකියත් බෑ ...

                මේක සිද්ද වුනේ 11 වසරේ අන්තිම දවස්වල . ඒ කියන්නේ සාපෙ අත ලග ... ඒ කාලේදී ඉතින් වැඩිපුර සෙමිනා වලට ගියානේ. ඒ දවස් වල අපි දන්න කියන සර් කෙනෙක්ගේ සෙමිනා එකකුත් නුගේගොඩ තිබ්බා. ඉතින් ටියුෂන් ක්ලාස් එකේ කස්ටියත් එක්ක සෙට් වෙලා මාත් මේ සෙමිනා යන්න තීරණය  කරා. කොහොම හරි කට්ටිය 30ක් විතර ගමනට යන්න සෙට් වුනා ,, දන්නවනේ ඉතින් කට්ටිය සෙට් වුනාම ,,, එකාට එකා  2වෙනි   වෙන්නැතුව  කෑ ගහනවා කොහොම හරි ඉතින් ඇවිත් අතුරුගිරියෙන් බස් එකට නැගලා කට්ටිය පිටි පස්සේ සීට් එක අක්ක්‍රමනය කරගෙන ඉද ගත්තා බස් එක යන්න පටන් විනාඩි 15ක් යන්න කලින් බස් එකේ බාගයක්ම යටත් කර ගත්තා .... හරියට ගෙදරින් ගෙනාපු බස් එකක් වගේ කෑ ගහනවා ,
Read More

Thursday 25 October 2012

රෝමියෝ ජුලියට් හා වෙරෝනා නගරය

       කොහොමද කට්ටියට අලුත් පොස්ට් එකක් දන්නා ටිකක් කල්ගියා ගන්නන් ගන්න එපා ඉතින් ..... මන් කලින් පොස්ට් එකෙන් කිව්වනේ මම වැඩ පෙන්නන්න ගිහින් කාපු ජාත්‍යන්තර බයිට ගැන .. බලපු  නැති අය මෙතනින් බලන්නකෝ .... ඉතින් මන් එදා පොරොන්දු වුනානේ ඉතාලිය ගැන තව කතාවක් කියනවා කියලා .. ඔන්න  ඉතින් මන් අරං ආවා ඒ කතන්දරේ හරි කතාවට බහිමු ......

       මං ඉතින් පොඩි නිවාඩුවකට ඉතාලියට ආවනේ .... පොඩි කිව්වට පොඩිමත් නෑ..  :)  මං ඉතින් ආපු දවසේ ඉදලා ඉන්නේ "වෙරෝනා" කියන නගරයේ .. මේ නගරය ඉතින් ලෝකප් ප්‍රසිද්දයිනේ.. ඒකට හේතුව තමයි ලෝකප්‍රසිද්ද   රෝමියො ජුලියට්ගේ ආදර කතාවට සම්බන්ද නගරයක් වීම . මං ඉතින් 
Read More

Wednesday 17 October 2012

මටනම් ආයේ නාන්න ඕනේ නෑ... ( ඇයි යකෝ මටම වෙන්නේ )

     

      කට්ටියට කොහොමද ඉතින් ඔන්න හ‍රියටම සතියකට පස්සේ මං අයේ ආවා .... මගේ කලින් වැනීසිය ගැන ලිව්ව පොස්ටුව කස්ටිය බලන්න ඇති නේ ...  බැලුවේ නැත්තම් මෙතනින් යන්නකෝ ... ඒ පොස්ට් එක බලලා කමෙට්ටු එහෙම දාපු අයට බොහොම ස්තුතියි.. 
                                   අදනම්  කියන්න යන්නේ මට වෙච්ච ජාත්‍යන්තර නෝන්ඩියක් ගැන .. කතාවට බහිමුකෝ ....

                       මට ඉස්කෝලෙන් තරගෙකට ඉන්දියාවේ යන්න හම්බ වුණා.ඒ මං ඉස්කෝලේ 7 වසරේදී. මේ තරගෙට යන්න අපේ ඉස්කෝලෙන් මාත් එක්ක තව 10ක් විතර සම්බන්ද වුණා. ඒ වගේම කොළඔ ප්‍රසිද්ධ පාසැල් වලිනුත් කට්ටිය සහභාගි වුණා. ඔක්කොම 60 දෙනෙක්  විතර හිටියා. ඔන්න ඉතින් පිටත් වන දවසත් ලංවුණා ... කට්ටියම ආවා ඉන්දියාවට .. අපේ තරග යෙදී තිබුනේ දවස් 2යි. එත් අපි අවේ දවස් 7කට. පලවෙනි
Read More

Wednesday 10 October 2012

වැනිසියේ සැගවුණු රෙදි ඕ..න් ගැලෙව්වා (වැනීසියේ අතීතය )


              කොහොදම කස්ටියට .... මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි වුණා එක නිසා ඔන්න අද අරන් ආවා නියම හිස්ට්‍ර්යක් .. . අද කියන්න යන්නේ වැනීසියේ ඔබ නොදුටු  පැත්ත හා දුටු පැත්ත ගැන අනං මනං වැඩක් නැ කතාවට බහමු..





                                       හ්ම් ... මං කියන්න යන්නේ අද අපි හැමෝම දන්න වැනීසිය (ඉතාලිය) ගැන වැනීසිය ගැන නොදන්න කෙනෙක් නැනේ .... ඒ වාගේම තමයි වැනීසිය ඇස දෙකෙන්ම දැක ගන්න අකමැති කෙනෙකුත් නැනේ ....මටනම් වැනීසිය ඇස දෙකෙන්ම දැක ගන්න පුළුවන් වුණා. ඒ වෙලාවේ තමයි හිතුනේ මට මේ වැනීසිය ගැන අතීත තොරතුරු හොයලා බලන්න ඕනේ කියලා අතීත තොරතුරු කිව්වට වර්තමාන තොරතුරුත් තියනවා :) හොදේ...

                             
Read More

Sunday 30 September 2012

ඇයටත් පොලවේ පය ගැසීමට අයිතිය ලබා දෙන්න


   
       හ්ම්.. අදනම් කියන්න යන්නේ පොඩ්ඩක් දුක හිතෙන කතාවක් .හැමෝම දන්නවා ඇති මේ දවස් වල නෙට් එකෙන් කතා වෙන මාලි ගැන . නිතර නෙට් එකේ ඇවිදින රස්තියාදු කාරයෝ නම් දන්නවා ඇති (එහෙම කිව්වට තරහා වෙන්න එපා මමත්  නෙට් රස්තියාදු කාරයෙක් තමයි, පාරේ රස්තියාදු ගහනවට වඩා ඒක හොදිනේ ..... ) මාලි කියන්නේ අලියෙක්  මෙයා ඉන්නේ පිලිපීනයේ සත්ව උද්‍යානයක ,,,,
Read More

Friday 21 September 2012

අපිටත් හොරෙන් අපෙන් හොරකන් කරපු දේ

                                   කස්ටියට කොහොමද ඉතින් මෙහෙනම් ටිකක් සීතලයි (ඉතාලියට... එහෙම කිව්වේ ලංකාවේ සීතලයි කියල ඕගොල්ලෝ හිතයි කියලා,) මං කලින් post එකෙන් කිව්වනේ area 51 ගැන මට හිතෙන දේ.දැන් කියන්න යන්නෙත් ටිකක් ඒ වගේ කතාවක් ගැන.කතාවට බහිමුකො.....


               ඕගොල්ලෝ දන්නවනේ සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් කලාව අංගංපොර සටන් කලාව (මං හිතන්නේ නොදන්නා කෙනෙක් නෑ) මගේ කතාවටත්, මේ අංගංපොර සටන් කලාව අදාල වෙනවා .ඒ නිසා මුලින්ම මේ මේ කලාව ගැන හැදීන්වීමක් කරන්නම්කො මං හිතන්නේ ලෝකෙන්ම සටන්කලා වලින් දිර්ඝම ඉතිහාසයක් තියෙන්නේ අපේ අංගංපොර සටන් කලාවට ඒ වසර 30000ක් (ඒ ගැනනම් හිතේ පුංචි ආඩම්බරෙකුත් තියෙනවා ) මේ බවට ශාක්ෂිත් තියනවා කියලා තමයි කියන්නේ . කතරගම මහසෙන් නම් රණ ශුරයාගේ යක්ෂ පෙළපතින් පටන්ගත්ත මේ සටන් පසුකාලීනව මහා රාවන නම් රණ ශුරයා දියුණුකර සිංහල ‍‍‍‍‍බෞද්ධ සමාජයට බාරදුන්නා.සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගන්න කියා මේ කලාව පරම්පරාවෙන් පරම්පරාවට ලබා දුන්නා.(මේ ඉතිහාස තොරතුරු www.angampora.info ඇසුරෙන් )


                  මේ කලාව ඉතා මාරාන්තික කලාවක් නේ .. ඒවගේ තමයි මේ කලාව රහසිගතයිනේ (ඒ කියන්නේ මේ කලාව හැමෝටම කියලා දෙන්නෑනේ)   හරි දැන් මගේ කතාවට බහිමු.ඕගොල්ලෝ දන්නවනේ ලෝකෙම ප්‍රසිද්ද වෙර්ස්ලින් ක්‍රීඩාව (wwe කිව්වම දන්නවනේ අර ජෝනේ සීනා ඉන්නේ දැන් දන්නවනේ ) මට හිතෙන්නේ මේ වෙර්ස්ලින් අපේ රටින් හොරකන් කරපු දෙයක් කියලයි . මට වෙර්ස්ලින් බලන කොට හිතිච්ච දෙයක් තමයි අපේ අංගංපොර සටන් වලින් ගත්තේ පොඩි පොඩි කැලි වලින් තමයි වෙර්ස්ලින් වල ගහගන්න අය ගහගන්නේ කියලා. අපේ සටන් වල සටන් ක්‍රම හොයා ගන්න බැරි වුනාට සමහර ක්‍රම (කියන්නේ දැක්කම පෙන දේවල් ) ඒගොල්ලෝ බවිත කරනවා කොහොමත් ඉතින් සොද්දෝ කියන්නේ අනිත් අයගේ දේවල් වලින් රජ වෙන අයනේ . ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි .වෙනසක් නෑ මං පින්තුර ටිකක් පෙන්නන්නම් එතකොට අයි මං මෙහෙම කියන්නේ කියලා ඔයාට හිතෙයි බලලා ඉන්නකෝ.............. 


pic. 1  






pic 2
 





pic 3


   



                     pic 4





                   pic 5
  






                     pic 6



       


    pic 7



          

  කොහොමද දැන් හිතෙන්නේ මං කිව්වේ මගේ අදහස . මං කොහොමත් ටිකක් අමුතු දේවල් ගැන හිතනවා හිටපු ගමන් ඒ වෙලාවක තමයි මේක හිතුනේ . ඕගොල්ලන්ට හිතෙන දේ කමෙන්ට් කරන්නකෝ .අපේ මුහුණුපොතේ fan page එකට like එකක් ගෙන ගියටනම් කමක් නෑ ......... එහෙනම් ගිහින් එන්නම් ......
Read More

Thursday 20 September 2012

අපි දන්න AREA 51 හි රහස බොරුවක්ද?

          


        කොහොමද කට්ටියට අද මන් කියන්න යන්නේ පොඩි වෙනස් දෙයක් ඕගොල්ලෝ දන්නවනේ AREA 51 ගැන මන් හිතන්නේ නොදන්නා කෙනෙක් නෑ කමක් නෑ මන් කියන්නම්කො දන්නැති අයටත්.හැබැයි මන් කියන්න යන්නේ area 51 ගැන නෙමෙයි ඊට කලින් මේ area 51 කියන්නනේ මොකක්ද කියලා බලමු.


             area 51 කියන්නේ ඇමරිකාවේ තියන ගුවන්හමුදා කදවුරක් මේක තියෙන්නේ ඇමරිකාවේ නෙවටා ප්‍රාන්තයේ ලාස් වෙගාස් අගනගර බලප්‍රදේශයේ මොජාපය නම් කාන්තාර ප්‍රදේශක (මං ඉතින් මේ ඔක්කොම කිව්වට අපි ඉතින් හොයාගෙන යන්නද නේ )මේ ගුවන්හමුදා කදවුරේ සේවකයින් 3000-3500 අතර පිරිසක් ඉන්නවලු .(මං ඉතින් දැක්කේ නැනේ ) හරි හරි දැන් අපි ඔක්කොම දන්න දේ තමයි මේ කදවුරේ පිටසක්වල ජීවින් ගැන පරේෂණ කරන බව කියන එකයි ඒ අය එක්ක සබදතා පවත්වා ගෙන යනවා කියන එකයි . නමුත් මං කියන්නේ ඒ සියල්ල බොරු කියන එකයි  හෝව් හෝව් ..... කලබල වෙන්න එපා . මම එහෙම හිතන එකට හේතු මං දෙන්නම්.


Read More
Read More Post Slideout Widget For Blogger

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...