කොහොදම කස්ටියට .... මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි වුණා එක නිසා ඔන්න අද අරන් ආවා නියම හිස්ට්ර්යක් .. . අද කියන්න යන්නේ වැනීසියේ ඔබ නොදුටු පැත්ත හා දුටු පැත්ත ගැන අනං මනං වැඩක් නැ කතාවට බහමු..
හ්ම් ... මං කියන්න යන්නේ අද අපි හැමෝම දන්න වැනීසිය (ඉතාලිය) ගැන වැනීසිය ගැන නොදන්න කෙනෙක් නැනේ .... ඒ වාගේම තමයි වැනීසිය ඇස දෙකෙන්ම දැක ගන්න අකමැති කෙනෙකුත් නැනේ ....මටනම් වැනීසිය ඇස දෙකෙන්ම දැක ගන්න පුළුවන් වුණා. ඒ වෙලාවේ තමයි හිතුනේ මට මේ වැනීසිය ගැන අතීත තොරතුරු හොයලා බලන්න ඕනේ කියලා අතීත තොරතුරු කිව්වට වර්තමාන තොරතුරුත් තියනවා :) හොදේ...
වැනීසිය පිහිටි දිස්ත්‍රික්කය තමයි " VENETO "(වෙනෙතෝ) (රටනම් දන්නවනේ .... ඉතාලිය හොදේ...) වැනීසිය හැදිලා තියෙන්නේ කලපුවක් තුල පිහිටි දුපත් 124 ක් එකතු වෙලා. මේ දුපත් එකිනෙකට ය කෙරෙන පාලම් 438 තියෙනවා . මෙහි මුහුදු මට්ටමේ සිට උස 2.5m (මෙච්චරක්වත් තියන එක හොදයි නේ ...) මෙහි විශාලත්වය වර්ගකිලෝමිටර 414 ක් .වැනීසිය හදුන්වන කෙටි නාමය තමයි "VE" . මෙහි ජිවත් මිනිසුන් හදුන්වන්නේ " VERNEZANI "(වෙනෙස්සියානි) කියලා . මේ නගරයේ පුංචි පාරවල් වලට කියන්නේ " CALE "(කාලේ) (බෝතල් නෙමෙයි ) කියලා. (කොහොමත් තියෙන්නේ පුංචි පාරවල් තමයි ඉතින් ...) වෙළදසැල් පිහිටි පාරවල් වලට කියන්නේ "RUGA" කියලා . වැනිසියේ ප්‍රදාන වරාය තමයි " PORTO MAGHERA " ( කියවන්න ටිකක් අමාරුයි නේ :P ) ප්‍රදාන ගුවන්තොටුපලේ නම තමයි " මාකොපොලෝ " (පොඩි කාලේ කරපු සෙල්ලමකුත් මතක් වෙනවනේ නේ ) වැනිසියේ ප්‍රදාන ස්ථානය තමයි " PIAZZA SAN MARCO " ( කන පීසා නෙමයි .... හොදේ ) වැනීසිය ස්වාදීන ප්‍රාන්තයක් . 2011-11-30 දින ගණනයට අනුව ජනගහනය 270,887 ක් .
දැනට මෙහි නිතියනුකුලව ජිවත් වන විදේශිකයන්ගේ සංක්යාලේකනය
වැනිසියේ නිල ලාංචනය
වැනීසියේ කොඩිය
වැනීසියේ සිතියම
ඔය ටික තමයි වැනිසියේ ප්‍රදාන තොරතුරු. ඔය තොරතුරු හොයා ගත්තට පස්සේ මට හිතුනා මේ ගැන තව ටිකක් හොයලා බලන්න .
වැනිසියේ අතීතය ගැන හොයලා බැලුවොත්, මෙහි පදිංචියට මුලින්ම ඇවිත් තියෙන්නේ මසුන් මරන්නෝ (මරන්නෝ කිව්වම අවුල්ද මන්දා ) ඒ ක්‍රිස්තු පුර්ව 800 දී . කොහොමහරි ඉතින් 7 වන ශතවර්ෂය වෙනකොට ජනාවාස කෙමෙන් කෙමෙන් පැතිරුණා.17 වන ශතවර්ෂයේදී තමයි වැනීසිය ජනාකීර්ණ වුනේ .(මං නිකන් හිටියා වගේ නේ :) කියන්නේ ) ඒ වෙනකොට ඒ අයගේ ජීවිකාව වුනේ මසුන් මැරීම , විදුරු බාන්ඩ සැදීම , අත්කම් වගේ දේවල් .මේ අයගේ ප්‍රදාන ආහාර වේලට මාළු අනිවරෙන්ම එකතු වුණ දෙයක් වුණා .ඒ කාලෙම තමයි වැනිසියට සංචාරකයන්ගේ ඇල්ම බැල්ම එහෙම වැටුනේ (වචනේ පොඩ්ඩක් අවුල් ද මන්දා )
දැන් කට්ටියට තියන ප්‍රශ්නේ තමයි වැනිසියට කොහොමද වතුර අවේ කියන එකනේ . වැනිසියට වතුර අමුතුවෙන් ආවේ නෑ. මං කලින් කිව්වනේ කුඩා කුඩා දුපත් එකතු වෙලා තමයි මේ වැනීසිය හැදිලා තියෙන්නේ මේ දුපත් වලට (කලපුවට) මුහුදෙන් විවුර්ත වූ කවුළු 3ක් තියනවා . කවුළු කිව්වට පොඩි කවුළු නෙමෙයි . මේ එක් කවුළුවකින් එකවර විශාල නැව් 2 කට වුනත් පහසුවෙන් හුවමාරු වෙන්න පුළුවන් .මේ කවුළු 3න් දිනකට 2 වරක් ජලය පිට කරලා නැවත ජලය මුහුදෙන් ලබා ගන්නවා ( ?????? ) ඒ ඇයි දන්නවද ... කට ඇරන් බලන් ඉන්නැතුව පොඩ්ඩක් හිතන්නකෝ ........
මේ වගේ නැව් තමයි කවුළු වලින් මාරු වෙන්නේ ....

වතුර එන කවුළු

කලින් මේ දුපත් එකිනෙකට යාවෙන පාලම් තිබ්බේ නැ බෝට්ටු තමයි ඒකට යොදා ගත්තේ 18 වන ශතවර්ෂයේ තමයි පාලම් ඉදි කරන්න පටන් ගත්තේ ,අරංචියේ හැටියටනම් වැනිසියේ පොළවටත් ලොකු වටිනා කමක් තියෙනවා .මොකද සාමාන්‍ය ගල් පොලවට ඇතිරුවම ටික කලක් යනකොට ඒවා තෙත් වෙලා ගිලා බහිනවා. ඒ නිසා මේ ගොඩනැගිලි හා පොලවට අල්ලලා තියෙන්නේ විශේෂ ගල් ජාතියක් . මේ ගල් ජාතිය ලබා ගන්නේ ගිනිකදු අශ්ශිතව මේ ගල් වර්ගයේ නම තමයි " MACIGNO DITRACHITE " මේ ගල් වලට අනෙක් ඒවාට වඩා කල් පැවැත්ම ටිකක් වැඩි
වැනීසියේ ගොඩනැගිලි ගැන කතාකරොත් හුගක් ගොඩනැගිලි තට්ටු 3කින් සමන්විතයි,,
1. පළමු මහල - ගබඩාව හා බෝට්ටු නවාතැන (මේ මහල වැඩි පුර බවිත නොකරයි )
2 . දෙවන මහල - "PORTEGO" ලෙස හදුන් ව්‍යාපාරික ස්ථාන
3. තුන්වන මහල - නිවාස (ලැගුම් ගන්නා ස්ථාන )

සාපේක්ෂව වැනීසියේ නිවාස වලට වඩා ව්‍යාපාර වැඩි මොකද වරාය අත ලග නිසා .ඒ වගේම තමයි මේ ගොඩනැගිලි වල බිත්ති සැදීමේදී විශේෂ බදාම වර්ගයක් බවිත කරනවා මේකට හේතුව තමයි ජලයෙන් එන රැලි හා බෝට්ටු ගමන් කරන විට එන රැලි බිත්ති වල වැදී සිදුවෙන හානිය අවම කරන්න අවශ්‍ය නිසා .නිතරම වගේ මේ ගොඩනැගිලි නගරසබාවෙන් එක එක ස්ථාන වල ජල මට්ටම අඩු කරලා අලුත්වැඩියා කරනවා .


අලුත් වැඩියා කරන අයුරු
කොච්චර සුන්දර වුනත් වැනිසියත් අසුන්දර වෙන කාලයක් තියෙනවා ඒ වඩදිය බාදිය කාලෙටයි වැහි කාලෙටයි මොකද කියලා හිතා ගන්න පුළුවන්නේ... ඒ කාලෙට ඉතින් දුපත් ඔක්කොම යට වෙනවා මේකට මේ වන විට ඉතාලි රජය පිලියමක් යොදලයි තියෙන්නේ (යොදලා කිව්වට යොදමින් පවතිනවා ) මේක පොඩි තාක්ෂණික වැඩක් (වැඩ්ඞා වගේ කිව්වට මේක පොඩි වැඩක් නෙමෙයි ) මේකෙන් වෙන්නේ වැනිසියට වතුර එන කවුළු 3 ට නව නිපයුමක් නිර්මාණය කරනවා ... මේ වියාපෘතියේ නම තමයි " MOSE " මේකේ වැඩ පටන් ගත්තේ 2006 වැඩ ඉවර වෙන්නේ 2014 දී මේ නව නිපැයුමෙන් වෙන්නේ ස්වයංක්‍රීයව, මුහුදේ වතුර මට්ටම වැඩි වන විට කවුළු වැසීම හා අඩු වන විට විවෘත වීමයි . මෙයින් සුන්දර වැනීසිය කවදාවත් අසුන්දර වෙන්නෑ (ඒ කියන්නේ අයේ දුපත් යට වෙන්නෑ) මේ නිපැයුම ලෝකයේ පලවෙනි වතාවට කරන්නේ මේ නිපැයුමේ ඉංජිනේරුවන්,සැලසුම් ශිල්පින් හා මේකේ තාක්ෂනයත් ඉතාලියේ (ඒ කියන්නේ (mede in italy )

සුන්දර වැනීසිය අසුන්දර වූ අවස්ථාවක්


කට්ටිය දන්නවනේ කෑන්ස් සම්මාන උළෙල ... ඒ වගේ ලෝකප් ප්‍රසිද්ද සම්මාන උළෙලක් වැනිසියේත් තියෙනවා ඒ වැනිස් සිනමා උළෙල මේ පාර (2012) පැවත්තුනේ 69 වෙනි වතාවට ......
2012 වැනිස් සිනමා උළෙලේ සුපිරි තරු කිහිපයක් රතු පලස මත සිටින අයුරු

ආ....ආ.... ඇබලයෝ වගේ කට ඇරන් හිටියා ඇති
වැනිසියට අවේනික වෙස්මුහුණු
පින්තුර වැඩිද මන්දා .......
වැනීසිය විදුරු නිර්මාණ වලටත් ප්‍රසිද්දියක් උසුලනවා.. " MURANO" කියන ස්ථානය තමයි මේකට වඩාත් ජනප්‍රිය.. ඕගොල්ලෝ ඒ පැත්තේ ගියොත් විදුරු නිර්මාණ හදන හැදී දෑසින්ම දැකගන්න පුළුවන් .රත් කරපු විදුරු හිතේ හැටියට හැඩ කරන විදිය කොච්චර බලන් හිටියත් එපා වෙන්නෑ මේ කරන විදුරු නිර්මාණ වලින් සංචරකින් අතරේ ගොඩක් ප්‍රසිද්ද විදුරු අශ්වයන් හා විදුරු ගොංඩෝලා බෝට්ටුය .
වැනිසියේ විදුරු නිර්මාණ
කට්ටිය හිතන් ඇති වැනීසියේ විදුරු වෙළෙන්දා ලංකාවට ආවා කියලා .....

වැනීසිය ගැන තව කිව්වොත් ඉතින් මෙහෙ බස් ,ටැක්සි ,පොලිස් වාහන ,පෞද්ගලික වාහන ,ගිලන් රථ කුණු ලොරි ...... වගේ ඔක්කොම දේවල් වලට බාවිතා කරන්නේ බෝට්ටු ...
වැනීසිය ලෝක යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කරලයි තියෙන්නේ මේ වෙන විට වැනීසිය ලෝක සංචරකින්ගේ නෙත් සිත් පැහැර ගත්ත ස්ථානයක් වී හමාරයි.....
වැනීසිය හැදුන හැටි ගැන විස්තර ඇතුලත් වීඩියෝවක් මෙතනින් බලන්න (බාෂාව නම් අවුල් ඒවුනාට බලලා තේරුම් කන්න පුළුවන් )
වැනීසියෙදී මගේ කැමරාවේ සටහන් වුන පින්තුර කිහිපයක්.........
කොහොමද වැනිසියේ බස්
කාක්කෝ නැති නිසා තාම මු ලස්සනයි
ඔ....... ඔලුව ... බලාගෙන ....
නැ.... නැ... මගේ නෙමෙයි ඕක
මාමා පොලිස් මාමා ..... නැන්දා පොලිස් නැන්දා....
...යකෝ .... ඔහොම බලන්න එපා සුදු බෝට්ටුවකින් ඇවිත් උස්සන් යයි ...
චාලිගේ මුණුපුරා
අපිත් එක්ක ගිය සෙට් එක
මුන්නම් නැව ගිලුනත් බෑන් චුන්
නැ නැ ..... අපිත් එක්ක නෙමෙයි ආවේ ..
කොහොමද කෑල්ල
ආ.... ආ... ආ... ඔහොම බලන්න එපා යකෝ කන්න වගේ
------------------------------------------------------------------------------------------
ප.ලි
Venice - Wikipedia, the free encyclopedia
http://www.venezia.net/blog-eventi/6884/venezia-una-citta-costruita-sullacqua
පල කර ඇති පින්තුර සියයට අනු පහක් පමණ මා විසින් මගේ කැමරාවේ සටහන් වූ ඒ ඒවාය
පරිවර්තන සහය --- අංජන පියදර්ශන
කට්ටිය දන්නවනේ අපේ මාලි ගැන මාලිව බේර ගන්න තවමත් ඔයාලගේ උදව් අවශ්ෂයි උදව් කරන්න ඇයට
--------------------------------------------------------------------------------------------
අපේ facebook fan page ඒකට LIKE දැම්මට කමක් නැ ඉතින්
කමෙන්ටුවකුත් දාලා යන්නකෝ තරහා නැතුව
පොස්ට් එක ඕනෙනම් මට මේල් එකක් එවන්න කොපි කරන්න එපා කිසි තරහක් නැ ඉල්ලපු ගමන් දෙන්නම්

එල යකෝ !!!!
ReplyDeleteතැන්කු මචෝ
ReplyDeleteඔන්න මාත් ආවා මරු ලිපියක්
ReplyDeleteතැන්කු මචෝ
ReplyDeleteනියම ලිපියක් මචෝ
ReplyDeleteපින්තූර ටිකත් ආයේ සුප්පා
ඒත් වරහන් ඇතුලේ තියෙන වචන නම් වැඩක් නැහැ බන්
තැන්ක්ස් මචෝ වැරදි පෙන්නලා දුන්නට මං අනිත් පොස්ට් එකේ ඉදන් ඒක හදා ගන්නම් .....
Deleteela macho niyama lipiyak
ReplyDelete@lahiru thank
ReplyDeleteමරු ඈ.. ඔය වීදුරු හදන හැටි ටී වී ප්‍රෝග්‍රෑම් එකකට පෙන්නුවා මතකයි.. ඔබ ඒක සජීවීව දකින්න ලැබිලා තියනවා.. හොඳ ලිපියක්!!
ReplyDelete@Chandana ස්තුත්යි චන්දන .... දිගටම රැදී සිටින්න අපිත් එක්ක ...
ReplyDeleteනියම ලිපියක් නියම පිංතුර ටිකක් හරිම අපුරුයි.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
@Naleen Dilruksha ස්තුත්යි නලින් ..
ReplyDeletepattaaasss keli tikak nam hitiya,,,
ReplyDeleteBorgata Hotel Casino & Spa - Trip.com
ReplyDeleteThe Borgata Hotel Casino & Spa is 군산 출장안마 conveniently located 대전광역 출장안마 on the northern end of Atlantic City's Boardwalk. With 통영 출장안마 a casino and a casino, 전라북도 출장안마 you'll be in the 순천 출장안마 Rating: 4.5 · 1,425 reviews