Tuesday 20 May 2014

ගුරුතුමියට කල විනාසය

                         

     කට්ටියට අපිව මතකද දන්නෙත් නැත. නැතත්  මක් කරන්නද බ්ලොග් එකට ලියන්නේ මාස ගනනකින්ය. මේ දවස්වල අගෝස්තු වල විභාගයට ලෑස්ති වන්නේ අනාගතයේ හොද රැකියාවක් සොයා ගැනීම  කෙසේ වෙතත් විභාගයෙන් පසු නිවසේ  නිවී සැනසිල්ලේ ගත කිරීමටය. හවස ආකාස කොලුවාගේ බ්ලොග් පොස්ට් එකක් කියවන්න ගොඩ වුනාම මටත් පුංචි සන්දියේ කතාවක් මතක් වුනේ ය.


     මේ සිද්දිය වුනේ 4 වසරේදී ය. පන්තියේ මිස්ට  හදිසියේ රහස් පණිවිඩයක් රැගෙන ශිෂ්‍ය නායක අයියා කෙනෙක් පන්තිය ට රිංගුවේය. ඒ කාලේ අපේ පන්තියේ රහස් ඔත්තු කරුවෝ සිටියේ ඉදිරි පෙළය. මිස්ට ලැබුනු පණිවිඩය අපිට එක ශනිකෙට ලැබුනේය. පණිවිඩයේ සදහන් වුයේ මිස්ව හදිසි රැස්වීමකට උසාවියට ඔෆිස් එකට කැදවා ඇති බවය. නමුත් මිස් පන්තියෙන් පිටත් වුනේ අපිට ගල් පැලෙන බොරුවක් පවසා ය. විනාඩි පහෙන් එනවා කියා ගියාට අපේ ඔත්තු කරුවන්ට අනුව  පැයකටවත් එන්නේ නැත. එවෙලේ මට හිතුනේ කවදා හෝ මමත් ශිෂ්‍ය නායකයෙක් වෙනවා කියාය. ඒ මක් නිසාවත් නොව පාසලේ වෙන සියලුම දේ දැන ගත හැකි නිසාය.

   

                 මිස් පන්තියෙන් ගියා ය. ඒ දවස් වල පන්තියේ කැරලි කණ්ඩායම් 2 තිබුණි. එකක් නම් අපේ කණ්ඩායමය. එකේ ලොක්කා රනුකය. අනිත් කණ්ඩායමේ ලොක්කා එරංගය. කණ්ඩායම් දෙකටම පොදුවේ ඔත්තු සැපයුවේ ඉදිරි පෙළ ළමුන්ය. ඒ දවස් වල මේ කැරලි කොලහල කොතරම් දරණුද කිවහොත් අනෙක් කණ්ඩායමේ කෙනෙක් හදිසියට වතුර ටිකක් ඉල්ලුවත් අපි දෙන්නේ අපේ ලොක්කාගෙන් අවසරය අරගෙනය. මෙවැනි අවදානම් කාලයකදී ගුරුතුමිය පන්තියෙන් පිට වීම අවදානම් වැඩකි. නමුත් මිස් එය නොදන්න නිසා හොදය. ටික වෙලාවක් නිශ්ශබ්දව සිටි අපේ කණ්ඩායමට අනෙක් කණ්ඩායාමෙන් පණිවිඩ කරුවෙක් පැමිණියේය.


පණිවිඩකරු :- "අපේ ලොක්කා කිව්වා ඔයා ඉන්න පුටුව අපේ කියලා ගෙනත් දෙන්න කියලා"


අපේ ලොක්කා (රනුක) :- "දෙන්නේ නෑ කියනවා පුළුවන් දෙයක් කරන්න කියනවා"


              

                              පණිවිඩකරු ගියේය. ටික වෙලාවකින් පසුව උන්ගේ බලෑඇණිය අපේ භුමි ප්‍රදේශයට ඇතුල් වී වාග් ප්‍රහාර එල්ල කළේය. අපිත් වාග් ප්‍රහාර එල්ල කළේය. දැන් දෙන වාග් ප්‍රහාරත් එක්ක බලන කල්හි ඒවා සමනල වාග් ප්‍රහාරය.ටික වෙලාවකින් වාග් ප්‍රහාරය දුරදිග ගොස් සිගිති යුද්ධයක් ඇති වුනේය. සිගිති යුද්ධය ටිකෙන් ටික දරුණු විය. දැන් නිකන් මේක තුන්වන ලෝක යුද්ධය වැනිය. යුද්ධය කොතරම් දරුණුද කිවහොත් යුද්ධයට මුහුණ දෙන්නේ කණ්ඩායම් වල ලොක්කෝ දෙන්නා පමණි. අනිත් සාමාජිකයෝ සතුටු සාමිචියේ යෙදෙන්නෝය. ටික වෙලාවකින් යුද්ධය නතර විය. 

                    

               පන්තිය සොහොන් පිට්ටනියක් වගේ නිසොල්මන්ය. අම්මට සිරිය. මුන් දෙන්නා  මිස්ගේ මෙසේ උඩ තිබුනු  මිස්ගේ ඇස් කණ්නාඩියට ගේම දීලාය. ඒත් එක්කම මිස් එනවා යැයි ඔත්තුකරුවෙක්ගෙන්  ඔත්තුවක් ලැබුනේය.  මුකුත් නොදන්නා සේ අපි ඉස්තාන ගතවී සිටියේය. මිස් පැමිණියේය. කණ්නාඩි දෙක දුටු මිස්ගේ මුණ බස් එකකට අහුවුණ අබ අඹ ගෙඩියක් වැනිය. මිස් එවෙලේ කව්ද  මේ සිද්දියට සම්බන්ද යැයි විමසුවත් අපි දෙපිලම නිහඩව සිටිමට වග බාලාගත්හ. ඒ පාවාදීමට නොහැකි නිසා නොව අපි සැවොම එහි කොටස් කරුවන් වන නිසාය.


                       "මිස් ඕක කඩුවේ රනුකයි එරන්ගයි"


    පචාත අයුරින් හඩ අවදි කරේ ඔත්තුකරුවන්ය. උන් ඉතින් දෙපිලේම පොදු ඔත්තුකරුවන් නිසා උන්ට  අවුලක් නැත.මිස් නඩුව ෆයිල් කිරීමට පටන් ගත්තාය. අපරාදේ කියන්න බෑ කොනක සිට පන්තියේ ඔක්කොම නඩුවේ විත්ති කරුවන්ය. සාක්ෂි කරුවන්ට ඉතුරු වුයේ ඔත්තුකරුවන් පමණි. නඩුවත් මිස්ගේය. නඩුකාරයත් මිස්ය. විත්තිකරුවට එක්කෙනෙක්ට එක බැගින් සැමට වේවැල් පහරවල් නියම වුනේය. ඔත්තුකරුවන්ට ෆුල් හැපී ය. වදකයත් මිස්ය.  

 

       කොනක ඉදන් වදින වේවැල් පහර අනෙක් පන්ති වලට  ඇසී ඇත්තේ අවුරුද්දට රතිඤ්ඤා වැලක් පත්තු වෙනවා වැනිය. අවුරුද්දත් පහු වෙලා නිසා සිද්දිය කුමක් දැයි නැරබීමට අනෙක් පන්ති වල ළමයිනුත් වට වෙලාය. කොච්චර රිදුනත් කදුළු සගවාගෙන සිටියේ අනෙක් පන්තියේ ළමයින් බාලා සිටන නිසාය. සිද්දියෙන් පසුව අපේ ලොක්කන් දෙදෙනා සාම ගිවිසුමකට එලබුනි. ඉන්පසු අපිට අවශ්‍ය වුයේ ඔත්තුකරුවන්ට ගේමක් දීමටය. නමුත් එයත් කල නොහැක මන්ද ඔත්තුකරුවන් සියලු දෙනා ගැහැණු ළමුන්ය. අපි කාන්තා හිංසනයට විරුද්ධ නිසා නිහඩව සිටියේය.


    මේ සිද්දියෙන් අපි  ඉගෙන ගත්තේ ගැහැණුන් කෙදිනකවත් ඔත්තුකරුවන් නොකළ යුතු බවය.

18 comments:

  1. ගෑනු ඔත්තුකරුවන් හොදයි හැබැයි අපේ පැත්තෙ තියෙන තොරතුරු ගැන අමූලික බොරු එයාලට කියල තියන්න ඕනි. නැත්තං වෙන්නෙ එයාල අපේ ඇත්ත කියනවා අනික් පැත්තට. අපි ගැන බොරු තොරතුරු එයාලට කියල තිබුනම එයාලට කියන්න ඉතිරි වෙන්නෙත් බොරු නෙව.

    ReplyDelete
  2. අපේ ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලො තමා විනාසෙට මුල. කේලමේ ඉදල ඉහලටම කැත වැඩ කරන්නෙ. ;)

    //මිස් පන්තියෙන් ගියේය.//
    //ටික වෙලාවක් නිශ්ශබ්දව සිටි අපේ කණ්ඩායමට අනෙක් කණ්ඩායාමෙන් පණිවිඩ කරුවෙක් පැමිණියාය.//

    ස්තිරී ලිංග පුරුස ලිංග ගැන ටිකක් හිතපං.. :)

    ජය !!

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි දැනුයි මීටර් වුනේ නිවැරදි කරන්නම් තැන්කියු සෑමෝ

      Delete
  3. අම්මෝ ඒ කාලේ ඔය කල්ලි ගැහිල්ල තදේටම තිබ්බා. පන්ති අතරත් තිබ්බා පාසල් අතරත් තිබ්බා...
    ඇත්තටම ගෑනු හොද මොන වැඩේටද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත

      Delete
    2. ganu honda fuck ekata tamai machan..

      Delete
  4. අඩෝ බ්ලොග් එකේ ලිංක් එකත් දාපං ඩෝ.. :P

    අවාසනවාට හරි වාසනාවට හරි මං ගියේ/යන්නෙ පිරිමි ඔන්ලි ස්කෝලෙකට නිසා ගෑනු පස්නෙ නෑ. අපේ ඕම පංතියෙ වලි නෑ. මුළු පංතියම එකා වගේ ඉන්නො. අනික් පංතියක් ආපු ගමන් ඔන්න සංග්‍රාෙම. අම්මටසිරි වෙන්න වලි ඉතිං. අපි 4 වසරෙදි ගේට්ටුවත් කැඩුව කියාංකෝ.... ඒකත් දාන්නං. වෙලාවට උඹ මතක් කරේ.... :D

    ReplyDelete
    Replies
    1. එල එල ඉක්මනට දාපන්
      බ්ලොග් එකේ ලින්ක් එක මොකටද බන් දාන්න කියන්නේ

      Delete
  5. හහ් හහ් ආයෙම ඉස්කෝලෙ කාලෙට ගියා

    ReplyDelete
  6. හහ් හහ් ආයෙම ඉස්කෝලෙ කාලෙට ගියා

    ReplyDelete
  7. අපො ගැනුත් එක්ක වැඩකට බහිනවද බන්

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙනේ පොඩ්ඩක් අත්හදහා බැලුවා :)

      Delete
  8. balalun lawaa kos eta baawa ganna giyaata hoda wede..

    ReplyDelete
  9. අපුරු ඔත්තුකාරියෝ ටික :D

    ReplyDelete
  10. මරුනෙ මචන්. අපිටත් ඔය වගේ වැඩ අනන්තයි. ආයේ ඉස්කෝලේ කාලෙට ගියා වගෙයි.

    ReplyDelete

පොස්ටුව කියවලා හිතට එන දේවල් වලට තිත නොතියා ...
අපිටත් දැන ගන්න මොනවා හරි කුරුටු ගාලා ගියා කියලා මයේ අකමැත්තක් නැහැ ....

Read More Post Slideout Widget For Blogger

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...