Wednesday, 14 November 2012
දැන් එයාට මාස 3ක් .....
මම > දැන් එයාට මාස 3කුත් වුනා බන් ..
නිසල් > මොකක් #$%^^ මාස 3ක් කාටද ?
මම > එයාට බං
නිසල් > මොකක් #$^^^& උබ මට කිව්වෙත් නැනේ ,, උබ මට නොකියා ඔය වගේ වැඩක් කරාද?
මම > මන් කරන හැම දේම උබට කියන්න ඕනෙද ?
නිසල් > යකෝ දැන් මොකද කරන්නේ ? උබලගේ ගෙදර අය දන්නවද මේක ..
මම > නෑ ඇයි ?
නිසල් > උබ දැන් මොකක්ද කරන්න හිතන් ඉන්නේ ?
මම > මොනවා කරන්නද දිගටම කරගෙන යනවා ,,
නිසල් > යකෝ ඔච්චර හරියක් වෙලත් උබට ඕක දැන් නවත්තන්න බැරිද ?
මම > දැන්නම් කව්රු කිව්වත් නවත්තන්නේ නෑ ..
නිසල් > උබනම් මාර පොරක් බං කව්ද දැන් ඔය කියන කෙනා
මම > මගේ බ්ලොග් එක
නිසල් > මොකක් $%^&%# උබ මේ එයා එයා කිව්වේ උබේ බ්ලොග් එකටද ?
මම > නැතුව ...?? වෙන කව්ද මට ඉන්නේ ??
කට්ටියත් බලන්න ඇතිනේ මොකක්ද මේ කියලා ,,,, මේ බුකියේ මගේ යාලුවෙක් එක්ක වෙච්ච කතාබහක් ,,, ඇයි අවුල්ද ? කිව්වා වගේම බ්ලොග් එක පටන් අරන් මාස 3කුත් ගියා ,,
මුලින්ම මන් බ්ලොග් කියවන්න පටන් ගත්තේ මෙහෙට ආවම (මේ කොහේ කියා දන්නෝ දනිති ) මන් කරන්න දෙයක් නැති කමට අන්තර් ජංජාලයේ රස්තියාදු ගහන කොට තමයි මන් මුලින්ම බ්ලොග් එකක් දැක්කේ ඒ " සිරාගේ කාමරේ " ලියන සිරගෙ බ්ලොග් එක ,, දැක්ක ගමන් නම් මොකක්ද කියලා හිත ගන්න බැරිවුණා ,, පස්සේ තියන පොස්ටු කියවලා ,, මොකක්ද මේ කියලා හොයලා බලන කොට තමයි මේ බ්ලොග් කියලා ,, දැන ගත්තේ ඉස්සරනම් එහෙන් මෙහෙන් මේ වචනේ අහලා තිබුනට හරියටම බ්ලොග් කියන්නේ මොකක්ද කියලා දැන ගත්තේ ඊට පස්සේ තමයි ,,, ඊට පස්සේ එහෙන් මෙහෙන් හොයා ගත්ත බ්ලොග් සින්ඩි වලින් හොයා ගත්ත බ්ලොග් කියවන්න පටන් ගත්තා ..,,
ඊට පස්සේ තමයි මටත් බ්ලොග් එකක් පටන් ගන්න ඕනේ කියලා හිතුනේ ,,, හිතිලා විනාඩි 5ක් යන්න කලින් හීනේ බිදිලා ගියේ කොහොමද සිංහලෙන් කොටන්නේ කියලා හිතුනාම.. ඊට පස්සේ එකත් කොහොම හරි හොයා ගත්තා ,,, හරි වැඩේ පටන් ගත්තා,, මෙලෝ රහක් නැති නමකුත් දාගෙන,, වැඩේට බැස්සා ... බ්ලොග් එක පටන් ගෙන සතියක් යන්න වුනේ නෑ ,,, වැඩි වැඩ දාන්න ගිහින් කෙල වුනේ නැතා බ්ලොග් එකට ,,, වැඩේ අත ඇරියේ නෑ තව එකක් පටන් ගත්තා ,,, ඒක පටන් අරන් ටික දවසක් යන කොට හා හා පුරා කියලා පලවෙනි කමෙන්ටුව දාලා තිබ්බේ මඩිසිල්ලේ නිශාන් ...
නිශාන්ගෙන් මන් ගොඩක් බ්ලොග් ලියන කට්ටියව අදුර ගත්තා ,,ඊට පස්සේ තමයි දැනුනේ මන් බ්ලොග් ලියන එකෙක් කියලා ,,, ඊට පස්සේ ලියන්නම් වාලේ ඔහේ ලියපු මම වෙනස් වුනා ,, එහෙම වුනේ අනිත් අයගේ බ්ලොග් දැක්කාම.. ඇත්තම කිව්වොත් මට මේ බ්ලොග් එක නිසා හිරුමාවී, දිනේල්ක , හිරු , නිශාන් , ලහිරු , මි ගොඩයා ,නිපුන වගේ තව එකී නොකී ගොඩක් කට්ටිය මට හම්බ වුනා ,, දැන්නම් බ්ලොග් එක පැත්තට ආවේ නැත්තම් නිකන් කෑවේ නෑ වගේ ... හ්ම්ම් කියන්න තියෙන්නේ ඔච්චරයි ,, පම්පෝරි ගහන්න තරම් මට ලොකු අතීතයක් නැනේ ,,, අදනම් පොස්ට් එක පොඩි ,,, ගලපෙන්නෙත් නැද්ද මන්ද අනේ මන්ද .. මේකත් ලිව්වේ හදිස්සියට ,,, මේ දවස් වල පොඩ්ඩක් කර්යබහුලයි
ගිහින් එන්නම් ,,
ඉස්සරහටත් මාත් එක්ක කට්ටියම ඉන්න ඒක මට ලොකු හයියක්
"හැමෝගෙම නම් කියන්න බැරි වුනාට සමාවෙන්න "
Subscribe to:
Post Comments (Atom)
ඉතින් අපේ සුබ පැතුම් මලයා.. ඔයා වගේම මාත් බ්ලොග ලියන්න අරන් මාස 3යි. යමු ඉදිරියටම...
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
මාස තුනක් නේ... හ්ම්ම් හ්ම්ම් හෙමිහිට දිග ගමනක් යන්න ට්‍රයි එකක් දෙමු ,,
ReplyDeleteජය වේවා
@Naleen Dilruksha ඔබටත් සුබ පැතුම් අයියේ ...
ReplyDelete@mee godaya ඔබටත් ජයෙන් ජය !
ReplyDeletehmm... niyamayi Nipun
ReplyDeletelassnata, aluth widiyakata kathawa galapala.
ithin, mama subapathanawa !! :)
@??? - WAKA sthuthi
ReplyDeleteදිගටම කරගෙන පලයන් මචන් මම උඹට ඕන හෙල්ප් එකක් දෙන්නම් ඒ වගේම මම සුභ පතනවා.තාම මාස තුනයිනේ අවුරුද්දක් විතර යද්දී උඹ ගොඩක් ජනප්‍රිය වෙයි බොක්ක.
ReplyDelete@මඩිස්සලේ නිශාන් තැන්කු මචන්
ReplyDeleteජය !!
මාස 3 ට සුභ පැතුම්... මේකෙ අකුරු කියවන්න අමාරුයි... ඒ ගැනත් ඔබේ අවධානය යොමු කරන්න...
ReplyDeleteසුබපැතුම් නිපුන් දිගටම ලියන්න ජය මචං
ReplyDelete@සිරාගෙ කාමරේ අමාරුයි කිව්වේ අකුරු පෙන්නේ නැද්ද
ReplyDelete@Lahiru Mudith jaya!
ReplyDeleteඑල එල! දිගටම කරගෙන යමු! ඔන්න නාඩියා සුභ පැතුවා ඈ!!!
ReplyDelete@නාඩියා නාඩිරත්න තැන්කු මචෝ ,,,
ReplyDeleteසුභ පැතුම් මලයෝ...අනේ මන්දා අදමද කියලා ආවේ... හීහී... ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...
ReplyDeleteජය!!
ඔන්න මමත් ආවා මේ පැත්තේ..සුභ පැතුම් මල්ලි..
ReplyDelete@ශම්මි නෑ .. නෑ,.. මිට කලින් 2පාරක් විතර ඇවිත් තිබුනා :)
ReplyDelete@හිමා... තැන්කු අක්කි
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් නිපුන්. ඔයාගෙ උනන්දුව අගය කරන්න වටිනවා. මමත් මගෙ බ්ලොගක සියවෙනි පෝස්ට් එක තමයි ඊලඟට ලියන්න ඉන්නෙ.
ReplyDeleteමම අහම්බෙන් ගොඩ වැදුනෙ.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
@Dude බොහොම ස්තුතියි ... සියවෙනි පොස්ටුව බලන්න මමත් එන්නන්කෝ
ReplyDelete