Thursday 19 September 2013

කව්ද හරි පිරිමියා දයා-සිරි


   අම්මෝ බ්ලොග් .. එක පැත්තට ගොඩ බැස්සේ  සෑහෙන කාලෙකින් කස්ටියට කොහොමද ඉතින්.. සැපෙන් දුකෙන් සනීපෙන් කාලා බීලා  ඉන්නවනේ ... නිකන් නෙමෙයි අද ආවේ පොස්ටුවකුත් කරේ  තියන් තමයි අච්චාරු මලයා බ්ලොග් එකට ගොඩ බැස්සේ ආටක නාටක නැතුව කතාවට බහිමුකෝ...


                                  මේ සීන් එක සිද්ද වුනේ නුගේගොඩ ස්ටටේෂන් එකේ ,, මම  ඉතින් දවසක් ක්ලාස් එක ඉවර වෙලා ගෙදර යන්න කියලා හිතා ගෙන ටිකට් එකකුත් අරගෙන ඇතුලට ගිහින් ස්ටේෂන් එකේ බංකුවක් උඩ සිට්ඩවුන් වුනා,,එහා පැත්තේ වයස අවුරුදු 60ක විතර පොරක් සිට්ඩවුන් වෙලා හිටියා,,,ඔන්න එතකොට එතනට ඒ වයසේම වගේ පොරක් ගොඩ බැස්සා ,, මිනිහ නිකන් බිල් කිල්ටන් වගේ බැහැලා ...

           " ආ ... මිස්ටර් සිරි හව් ආර් යු ... ඇෆ්ට ලෝන් ටයිම්  "


                              "හෙලෝ  මචං දයා කොහොමද ගොඩ කාලෙකින් "

                                                    

                                                 ඔන්න ඔහොම තමයි දෙන්නම කතාවට බැස්සේ ,,,දෙන්නගේ කතාව කිරි වලට කුබී වහනවා වගේ නැගලා ගිය නිසා මමත් මගේ සවන් සවල් ගානට පළල් කරන් කතාව අහගෙන හිටියා ,,,

           සිරි -- මේ දවස්වල අපේ රටේ ආර්ථිකය හරි නෑ මචං අපි මේ රටට ගෙන්න ඕනේ සමාජවාදය ඒක  තමයි ලංකාවට ගැලපෙන්නේ,,,  අපි මේක දැන්ම හැදුවේ නැත්තම් මේ රට ගොඩ ගන්න බෑ ( සිරිසේන ආණ්ඩුවට කියූ දේ බොහෝය ඒවා  පැවසුවොත් මට ලගදීම සුදු වෑන් එකක දිග ට්‍රිප් එකක් යන්නට සිදුවේ )

           දයා -- එකනම් ඇත්ත මචන් උබ ඊයේ නිවුස්  වල  ********* ( නම මම බලදාරියා විසින් කපා හරින ලදී ) කිව්ව කතාව ඇහුවද .. මුන් මොනවද කියන්නේ කියල මුන්වත් දන්නේ නෑ..මුන්වගේ උන්ට ජන්දේ දුන්න උන්ටයි ගහන්න ඕනේ,,,,

           සිරි -- අයියෝ මචං මට ඊයේ නිවුස්  බලන්න  වුනේ  නැනේ මචං  අපේ වයිෆ්   ටෙලි නාට්ටියක් බැලුවනේ ,,,, 


 

           දයා -- මමනම් මචං ගැනිට සෙකන්ඩ් වෙන්න යන්නේ  නෑ අපි හම්බ කරලා අපේ සල්ලි වලින්නේ ඉන්නේ අපි මොකටද ඒ අයට  බය වෙන්නේ,,,  

                                                           කියානකොටම කොටම මිනිහගේ වයිෆ් කඩා පැනපිය එතනට " දයා මම මහරගමින් බැහැලා යාලුවෙක්ගෙ ගෙදර යනවා ඔය මේ බඩු ටිකත් අරගෙන ගෙදර යන්න ,, ආ .. ගිහින් මම එළියෙන් තියලා ආවා එළවලු ටිකක් ඒ ටිකත් කපලා තියන්න,, "  දයාගේ මුණ සෝදා පාලු වී ගියේය . සිරිටද කට කොනින් හිනාවක් ගියා ..  මට හිනා යන්න ගිහින් හිනාව නැවතුනේ සීනි කන්න කූබි පොර කනවා වගේ සෙනග තෙරපෙන කෝච්චිය ඈත එනවා දැකලා.. රිංගන්න බැරි කූබී ගුලකට රිංගනවා වගේ අමාරුවෙන් අස්සෙන් යන්තම් කෝච්චිය ඇතුලට ආවා ,,, ආවාම හිතුනා එළියේ හිටියනම් මිට වඩා හොදයි කියලා.. කොහොම හරි ඉතින් එදා අමාරුවෙන් ගෙදර ගියා.. ඔන්න තව දවසක් මම නුගේගොඩ ක්ලාස් ගිහින් ගෙදර එන්න කියලා හිතාගෙන ස්ටේෂන් එකට ගියා ,,,, එතකොටම

" යකෝ  කවද යකෝ අපේ අපේ මහින්ද මහත්තයට බැනපු එකා රත්තරන් හදවතක් තියන මිනිහා ඒ මහත්තයා නිසයි යකෝ අපි අද මෙහෙම පාරේ බැහැලා යන්නේ ...." 

                           ඔන්න ඔහොම මාර ගුණ වර්නනාවක්  කෑ ගගහා කියවනවා ඇහුනා මිනිස්සුත් වට වෙලා අහගෙන හිටියා මමත් ඉතින් ඔලුව දාලා බැලුවා ,,,, අෆ්ෆා මේ අර  එදා  ආණ්ඩුවට කුණුහරපෙන් බැනපු සිරියනේ ,, මිනිහා කනේ වැලි ගවෙන්න බීලා බිම වැටිලා ඔහේ කියවනවා ....   මට තනියෙන්ම හිනා ගියා මුන් ඔක්කොගෙම ඉතින් කටින් කයිවාරු  අර කොහෙන්ද මන්ද අච්චාරු තමයි .....

අනේ මන්ද අද පොස්ටුව හොදද කියලා ගොඩ කාලෙකින් පොස්ටුවක් දැම්මේ නැති  හින්දයි දැම්මේ අනික මේ සීන්  එක වෙච්ච  දවසෙම හිතුවා මේක බ්ලොග් එකේ කොටන්න ඕනේ කියලා ඒ නිසයි කෙටුවේ අලුත් පොස්ටුවකින් හම්බ වෙමු එසේනම් සැමට අච්චාරු සතියක් වේවා .....

සැ.යු  >>  සත්‍ය සිදුවීමකි ,,,



                        

23 comments:

  1. මාත් මේ පැත්තේ ආවා...නියමයි අච්චාරු මල්ලිගේ අච්චාරු කතාව.....දිගටම අච්චාරු කතා ලියන්න....ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මචෝ

      Delete
  2. Nipun fernando - ( සිරිසේන ආණ්ඩුවට කියූ දේ බොහෝය ඒවා පැවසුවොත් මට ලගදීම සුදු වෑන් එකක දිග ට්‍රිප් එකක් යන්නට සිදුවේ ) - ඔය සීන් එක තමයි පට්ට ආතල්.

    අපරාදේ , උබට සිරි මාමා කිව්ව දේවල් ඔක්කෝම ටික කිව්ව නම් , නොමිලේම ලොකු ලොකු ට්‍රිප් එකක් යන්න තිබුනා.

    කොහම හරි , කතාව පට්ටේට තියේනවා.

    ReplyDelete
    Replies
    1. දිග ට්‍රිප් එකක් යන්න තිබ්බා හැබැයි ආයේ එන්න වෙන්නේ නෑ ,,,

      Delete
    2. කමක් නැ බන් , ඒත් ඉතින් උබ ලොකුම ලොකු ට්‍රිප් එකක් ගිහින්නේ බන්.. :p

      Delete
    3. එහෙමද ආස බොල

      Delete
    4. ඇයි , අවුල්ද බොල ?? :D

      Delete
  3. සෑහෙන කාලෙක්න් තමා දැක්කේ. ඔයාගේ සින්ඩියට අපේ පෝස්ට් දැන් අප්ලොඩ් වෙන්නෙත් නෑ නේද

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩ කාලෙකින් තමයි ආවේ ...
      ඔය කියන්නේ මගේ ෆේස්බුක් එකේ තියන සින්ඩිය ගැනද

      Delete
    2. කලින් ඔටෝ අප්ඩේට් වෙන සීන් එකක් තිබ්බද

      Delete
  4. නැවත සම්ප්‍රාප්තිය සතුටක්...දිගටම ලියහං කොලුවො...

    ReplyDelete
  5. දේශපාලන කතා නං අරහං...!!! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජගේ සම්ප්‍රාත්තියට සතුටය
      සුබ වේවා

      Delete
  6. Replies
    1. අම්මෝ දැක්ක කල්
      මොකද උඩ බලාගෙන ...

      Delete
  7. මම හිතන්නෙ මම ආවමයි මේ පැත්තෙ..

    බලමු ෆලෝවක් දීලා !

    ReplyDelete
  8. ඔන්න මාත් ආවා මේ පැත්තේ ^_^

    ReplyDelete
  9. පුලුවන් නම් මගේ බ්ලොග් එකට ගිහින් පොඩි කමෙන්ට් පාරක් දාපල්ලාකෝ..........
    http://sincinemacritics.blogspot.com/

    ReplyDelete
  10. පුලුවන් නම් මගේ බ්ලොග් එකට ගිහින් පොඩි කමෙන්ට් පාරක් දාපල්ලාකෝ..........
    http://sincinemacritics.blogspot.com/

    ReplyDelete

පොස්ටුව කියවලා හිතට එන දේවල් වලට තිත නොතියා ...
අපිටත් දැන ගන්න මොනවා හරි කුරුටු ගාලා ගියා කියලා මයේ අකමැත්තක් නැහැ ....

Read More Post Slideout Widget For Blogger

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...