Wednesday 28 November 2012

මොකද තමුසේ ඔය පොල්ල උස්සන් ,,,,



          
             කස්ටියට කොහොමද ,, ඔක්කොටම කලින් සමාවෙන්න කියන්න ඕනේ සති 2කින්  විතර පොස්ටුවක් කොටන්න බැරි වුනා.... අද හෙටම සිරි ලංකාවට පය තියන්න තමයි ලෑස්තිය ඒ නිසා වැඩ වැඩි ,,, හරි හරි අනං මනං අහන්න නෙමෙයි ආවේ  කතාවට බහිමු ,, අද කියන්න යන්නේ ඉස්කොලේ දී වෙච්ච සින් ටිකක් මේ ඔක්කොම වුනේ දවස් 2ක් ඇතුලත ..... කතාවට යමු ,,

      මේක සිද්ද වුනේ 10 වසරේ අන්තිම දවස් වල,, ඒ දවස්වල තමයි අපේ ඉස්කෝලේ " english day " එක තියන්න ලෑස්ති කරලා තිබ්බේ.. පාසලේ ඉංග්‍රීසි උගන්වන ප්‍රදාන ගුරුතුමිය අපේ පංතියේ හිටිය හින්දම ද
කොහෙද ඒ උත්සවයේ වැඩි බර පැන දරන්න වුනේ අපේ පංතියේ කස්ටියට තමයි,, මේ වගේ වැඩකදී හැම
තැනම වගේ වෙන දේ අපිටත් වුනා ඒ කියන්නේ 38 ක්  ඉන්න පංතියේ අන්තිම වැඩේට බහින්න ඉතුරු වුනේ 10ක් විතරයි.... ඒ අයත් ඉංග්‍රීසි මාද්‍යයෙන්  විෂයන් හදාරන කස්ටිය,,, කොහොම හරි ඉතින්  මේ  කස්ටියට කරන්න තිබුනේ වේදිකාව නොහොත් ස්ටේජ් එක හැඩ වැඩ දාන එකයි ,, ඉතින් මුන් සෙට් එක මේ ගැන
පංතියේ කල්ලි ගැහිලා කථා කර කර හිටියා..මං ඉතින් ඉංග්‍රීසි මාද්‍යයෙන් විෂයන් හදාරන්නේ  නැති වුනාට හැම වෙලාවේම හිටියේ මුන් සෙට් එකකත් එක්ක තමයි.. අවුරුදු 5ක් විතර කට්ටිය හිටියේ එකට,, කොහොම හරි ඉතින් මුන් මේ ගැන කතා කර කර ඉන්න කොට,, මමත් අත පය තියන් ඉන්න බැරි කමට නිකමට කටු සටහනක් ඇදලා දුන්නා .

        " පාලයෝ (සේනාල් )...උබලගේ වැඩේට මේක හොදද බලපන් "
                   
                  "එළනේ ,,, බං ,, මොකද කියන්නේ වරෙන් අපිත් එක්ක මේක හදමු "

     " මට තනියෙන්නම් බෑ මචෝ අපි එහා පංතියේ බුටටත් (ගීත්) එන්න කියමු "

          " එල එල එහෙනම් උබලා දෙන්නා  ඇවිත් අපිට මේක කරලා දීපන් අපිත් හෙල්ප් එකක් දෙන්නම් "

     ඔන්න ඔහොම තමයි  මං කතාවට සෙට් වුනේ ..කොහොමත් මට ඔය වගේ පැන පැන උදව් කිරීමේ පුරුද්දක් තියනවා ... ඔහොම උදව් කර ගන්න ගිහින් ඉල්ලන් කාපුවත් ඕන තරම් තියනවා,,, කොහොම හරි ඉතින් මේ අච්චාරු මලයගේ ප්ලෑනට අනුව කස්ටිය වැඩේට බැස්සා ,,, හෝව් ..  හෝව් .. එහෙම වැඩේට බහින්න බෑනේ...

                  මුලින්ම ගියා ඉතින් මේ english day එකේ ප්‍රධානියා වන අපේ පංතිහාර ගුරුතුමිය ලගට ප්ලෑනට කැමැත්ත එහෙම අරගෙන අයවැයත් ඉදිරිපත් කරා... ඇ ,,, වැරදුනානේ ,, මේවට කොහෙද "අය" තනි කරම "වැය" විතරනේ...  ඒ නිසා වැය කරන්න සල්ලිත් අරන් ගිහින් මුළු බොරැල්ලේම ඇවිදලා ඕන කරන ආම්පන්න ටික අරන් ආවා,,

           "අඩෝ මීයා (ඔන්න ඉතින් ඔය නම කිව්වෙනම් මට තමයි ) හෙට ඉස්කෝලේ ඇරුනාම වැඩේ පටන් ගමු බුටටත්(ගීත් ) කියපන් අනිද්දට තමයි වැඩේ තියෙන්නේ  "

        "එල එල මං කියන්නම් ,, එහෙනම් මන් ගියා, හෙට හම්බ වෙමු "
                                        
                                                   වැඩේද බැස්ස සෙට් එක
                               
ඔන්න ඔහොම කියාගෙන කස්ටිය විසිර ගියා..
            ඔන්න පහුවෙනිදා දවල් කස්ටියම සෙට් වුනා ,, වැඩ කෝටියක් තියනවා කරන්න.... හෙට උදේ වෙද්දී ඉවර කරන්නත් ඕනේ .. එවලෙනම් හිතුනා ඉවර කර ගන්න බැරි වෙයිද කියලා ... කොහොම හරි කස්ටියම බැහැලා වැඩ.,,, ඔහොම වැඩ කරගෙන යන කොට,,,,
             "මියෝ බිත්තියේ අලවන අකුරු වලට උබ කිව්වනේ මුහුදු වැලි දාල හදනවා කියලා ,,කොහෙද බං දැන් වැලි හොයන්නේ "
            අෆ්ෆා ,,, දැන් මොකද කරන්නේ ,, හ්ම්ම් ,, ලෝක අමාරුවක වැටිලා ඉන්න වෙලාවක තමයි ,අපේ බුටා (ගීත්) කටහඩ අවදි කරේ
            "අඩෝ  ඒලෙවල් ශේක්ෂන් එකේ පිටි පස්සේ හදන පන්තියට ගෙනාපු වැලි කියුබ් එකක් ම තියනවා බං කලබල වෙන්න එපා "
                  අපි ඉතින් ඔය වගේ වැඩ කරන්නෙම නෑනේ,,,, ඒ නිසා ශේප් එකේ වැලි බාල්දියක් ගේනවා ,,ඒ පුරශ්නෙත්  ඉවරයි ,, වැඩේ ඉස්සරහට කරගෙන ගියා ,,, ඔන්න වැඩේ ඉවරයි කපලා කොටලා හදලා ඔක්කොම ඉවරයි ,,, හම්බෝ ... දැන් තියෙන අදාල ස්ථාන වල තැම්පත් කරන්න විතරයි,, කට්ටිය තැන තැන වැටිලා කයියක් ගහගෙන ඉන්න කොට මෙන්න එකෙක් එක පාරටම ,,,,


                        
                                                  වැලි වලින් කරපු වැඩේ ......


        " අඩේ ,, මීයා කෝ බං මේ උබ හදපු තැබිලි වල මුඩ්ඩ කෝ ,,  තැබිලි වල මුඩ්ඩ  නැතුව ගතියක් නැනේ .."

        "ඇයි උබට මුඩ්ඩ නැතුව #$%^#*%  වගේද "

  ,,,මොකද මුන්ගේ මුණු 2 වෙලා ....හුටා ! මිස් ඇවිල්ලා නේ ..මල කෙලියයි,,, කාඩ් කුඩේ කුඩු....

 "නිපුන් !! ඔයිට වඩා හොදට තමුසෙලාට කතා කරන්න බැරිද ,, නිපුනුත් දැන් ගන්න  දෙයක් නෑ "

    විලි ලැජ්ජයි ,, වෙලාවට අපේ උන් විතරයි ඉන්නේ ,,,,

   "සේනාල් ,, මං දැන් යනවා ඕගොල්ලෝ වැඩ ටික ඉවර කරලා හෝල් එකේ යතුර සිකුරිටි රූම් එකෙන් තියලා යන්න "

       "හරි මැඩම්"එහෙම කිව්වේ අපේ මිස්ගේ සුහද කීකරු ගෝලයා ,,, අපේ පාල (සේනාල් )

  "ආ.... තව එකක් කට්ටිය රෑ වෙනකන් ඉන්න එපා ,, අනික කට්ටිය එක්ක එකතු වෙලා මගෝඩි වැඩ එහෙම කරනවා නෙමෙයි.... හරිද විශේෂයෙන්ම ගීත්ටයි නිපුන්ටයි කිව්වේ හරිද .. මන් දන්නවනේ දෙන්නා එකතු වුනාම .."


      ඔහොම කියගෙනම මිස් ගියා,,, මිස් එහෙම කිව්වට අපි දෙන්නා හරි හොද ළමයි ඇ... ඉදලා හිටලා පොඩි පොඩි ගේම් දුන්නට,,,, කස්ටිය ආයේ වැඩ පටන් ගත්තා ඒ අතරේ තමයි මට හිතුනේ මිස් කිව්ව හින්දම මොකක් හරි මගෝඩි වැඩක් කරන්නම ඕනේ කියලා,,,, අදහස කට්ටියට මං කිව්වා.. ඒත් මොකක්ද කරන වැඩේ කියලා කට්ටිය කල්පනා කරා ,,, කරන වැඩෙත් පැත්තක අපේ උන්ට ඉතින් මේවගේ දෙයක් කිව්වොත් අනිත් වැඩ අමතක වෙනවනේ ,,

           "කාටද තැබිලි බොන්න ඕනේ ,,,"එහෙම කියලා අදහස දැම්මේ අපේ  බට්ටා (කසුන් )
"මීයා තැබිලි කැඩුවොත් අපේ වැඩේට මුඩු ගන්නත් පුළුවන් "
        "එළනේ ,, පන්තිය පිටිපස්සේ තියන තැබිලි ගහෙන් තැබිලි කඩමු ...."
                      
   කස්ටිය වැඩේ කරන්න යන්න හදන කොටම පුදන කොටම කාපි යකා කියලා අපේ scooby (යසිත්) කිව්වේ නැතැයි,,
"කවුද දැන් ගහට නගින්නේ ??" මලා ඒ සිහිනෙත් බොද වෙලා ගියා... මැදැයි බොන්න හිටියා,, මොනවා වුනත් අපේ scooby යා වැඩිය කථා බහ නැති හෙන නිවිච්ච කැරැක්ටර් එකක් හැබැයි හෙන මීටරේ...  තැබිලි ගහට නගින්නේ කව්ද කියලා  කල්පනා කරන කොට තමයි,,, මදුසංකයා ආවේ....

  "අඩෝ කැ$%^&$ දැන්ද එන්නේ වෙලාව බලපන් කියද කියලා උබනම් ,,, $%$^^& "
(එතනින් එහාට වැඩිහිටියන්ට පමණයි )
           අසු හාරදාහට නැගලා කෑ ගැහුවේ අපේ පාලයා (සේනාල්) මිනිහා කොහොමත් කුකුල් කේන්ති කාරයා... පාලයාගේ ඒ මිහිරි වදන් කියවලා ඉවර වුනාම තමයි මදුසංකයාගෙන්  එකෙක් ඇහුවේ ,,

"මදුසංකයෝ,, එදා උබ කිව්වා නේ උබ ගමේ ගියාම පොල් ගස් වල නගිනවා කියලා ,,, හා එහෙනම් දැන් නැගලා පෙන්නපන් අර තැබිලි ගහට "
           "අයියෝ නගින්නම්කො ,, මට ශෝටක් දීපන් "
   
     අඩ්ඩඩා,,,, තැබිලි වැඩෙත් හරි,, ආයුද හරි ,, මිනිස් බලය හරි දඩබඩ ගාලා ප්ලෑන ක්‍රියාත්මක  කරා,, කස්ටිය ගහ ගාවට ගියා මෑන් දැන් නගින්න යන්නේ ඈ.... මෙන්න මු නිකං ගෙම්බා වගේ නැගගෙන නැගගෙන යනවා කට්ටිය කටවල් අරගෙන බලන් ඉන්නවා ,,, මෙන්න අරු ගහේ උඩට නැග්ග ගමන්ම එක පාරටම පහත් වුනා කියපන්කො සික්කා,,, ආරු ගහ උඩට වෙලා බලන් ඉන්නවා

       " ආ කට්ටිය මොකද මෙහෙ කරන්නේ වැඩ තියෙන්නේ හෝල් එකේ නේ ..." 

" අපි අ..පි  මේ කුරුම්බැට්ටි තියනවද බැලුවා පොඩි වැඩකට "

         " කුරුම්බැට්ටි,,?? මෙතන කොහෙද කුරුම්බැට්ටි මුන්ට පිස්සු,,,"
                          කියාගෙන මිනිහා යන්තම් මාරු වුනා,, හරි කස්ටිය ආයේ වැඩේට බැස්සා.. ආරු දඩබඩ ගාලා තැබිලි කඩනවා,,, සට පට ගාලා අපි අහිදිනවා
             
            "අඩෝ මේ ගහේ ගෙඩි 5යි බං තියෙන්නේ "
 
   "ෂුවර් එකට සික්කා කලින් කඩන්න ඇති,, අවුලක් නෑ.. පොල් අත්තකුත් ඔහොම බාපන් මිස්ට ඉරටු ටිකක් ඕනේ කිව්වා "

           "අඩෝ තැබිලි ගස් වල කොහෙන්ද යකෝ පොල් අතු ? හු ඇ ..."

"ආ... එහෙමද,,, ප@#$%& එහෙනම් තැබිලි අත්තක් කපපන්කෝ "

           " මචෝ මං පිහිය අරන් නෙමෙයි නැග්ගේ "

"ඇ... යකෝ උබ පිහියක් නැතුව ගහට නැග්ගේ  @#$%%^& කඩන්නද? එහෙනම් ආයේ බැහැලා නැගපන් "

       "  පිස්සුද @%&! මට ආයේ නගින්න බෑ මන් දැනටමත් විනාඩි 15ක් ගහ උඩ "
    
    අෆ්ෆා සිරාවටම මු දැන් ගහට නැගලා විනාඩි 15ක් ගිහිල්ලනේ "මචෝ බාගෙට ගැල වෙච්ච අත්තක්වත් නැද්ද බලපන් " තව විනාඩි 4ක් විතර මිනිහා ගැල විච්ච අත්තක් හෙව්වා,,,වැඩේ හරි ගියේ නැති නිසා මිනිහා බැස්සා. හරියටම විනාඩි 19ක් මිනිහා ගහ උඩ,, ලෝක වර්තාවක්ද මන්දා,, ලෝක වාර්තාවක් කෙසේවෙතත්  ඒක අපේ පාසල් වාර්තාවක් කියලනම් ෂුවර්... කොහොම හරි ඉතින් අර හින්දි ෆිල්ම් වල වගේ වීරයා මිෂන් එක ඉවර කරලා ගින්දර මැද්දෙන් එනවා වගේ... තැබිලි ගෙඩි 2ක් මන් අතේ තියාගෙන මමයි අපේ කස්ටියයි හෝල් එක පැත්තට ඇදුනා.... ඇ,,, යකෝ ඇදෙන්න අපි නයි පොලොන්ගුද ,,, ඇදුනා නෙමෙයි ඒ පැත්තට ගියා ,,,

    
  මලා සික්කා ඉස්සරහට මාට්ටුතැබිලි ගෙඩි 2ක් මගේ අතේ අනිත් ඒවා අරුන්ගේ අතේ,,,
              "ආ....,,,, ඉස්කෝලෙන් නේද කඩුවේ "
"නෑ ,, නෑ,,, මේ අපි ,,,,"
        මම මෙහෙම් ගොත ගැහුවේ කියන්න දෙයක් නැතුව....,,,,,

 "නෑ,,, අපි කඩෙන් ගෙනාවේ ගෙඩියක් රැ.25ක් අපිට මේකේ මුඩ්ඩ ගන්න ඕනේ,,, අනික හරි තිබහයි ඒ කයි අපි කඩෙන් ගෙනාවේ " මෙහෙම කටහඩ විවෘත කරලා මාව බේර ගත්තේ අපේ scbooy යා ,,,,..

"ආ ,,, ඇත්තද ඕගොල්ලන්ට තැබිලි ගෙඩියේ මුඩ්ඩනේ ඕනේ...එහෙනම්,,, මට ගෙඩි 2ක් දෙන්නකෝ මන්  බිලා මුඩ්ඩ  ගෙනත් දෙන්නම් "

     මලා,,, ගෙඩි 5යි තියෙන්නෙත්,, මොනවා කරන්නද දීලා දැම්මා.... අද කාලේ පොඩි හරි පගාවක් දෙන්නේ නැතුව මුකුත් කරන්න බැනේ,,, ඉතුරු ගෙඩි 3න අපි හරි සමාදානයෙන් බිව්වා,,, බීපු හැටි කියන්න ඕනේ නැනේ ,,, සාමදානයෙන් සැතපිච්ච නැති ටික විතරයි ,,,, කොහොම හරි ඉතින් එකත් බිලා වැඩේ ඉවර වෙන කොට වෙලාව රෑ 7 යි,,
      " මගේ වැඩේ ඉවරයි ඔන්න මන් කරන්න කිව්ව උදව්ව කරා "
"අඩෝ උබ හෙට වරෙන් ආ,,, මිසුත් කිව්වා එන්න කියලා  උබට "
    " හ්ම්ම්ම් එනම් එනම් "   මං english day එකේ නැති වුනත් කරපු වැඩේ අවසානේ බලන්න ඕනේ නිසා තමයි මමත් හා,,, කිව්වේ ඔන්න පහුවෙනිදා  කස්ටිය ඇවිත් හෝල් එක ඇතුලේ,,, මට ඇතුලට එන්න කිව්වත් ආවේ නැත්තේ වෙන ඉස්කෝලෙකින් එවෙලේ ගෑල්ළමයි  ටිකක්  ඇවිත් එළියේ හිටිය නිසා,,,

 
 වැඩේ ඉවර කරන්න  කලින් ගත්තු පින්තුර,,,,
        හොද පින්තුර ටිකක්නම් හොයා ගන්න බැරි වුනා



     

     ඔන්න වැඩේ පටන් ගත්තා මමත් එලියට වෙලා බලාගෙන හිටියේ ඇතුලට ගියොත් ලෝක අමාරුවක වැටෙන නිසයි.... දන්නවනේ ඉතින් ගියාම වාඩි වෙලා හිටපන්කෝ පැය ගණන් අනික මන් ඕකට නැති එකේ ඔහොම කට්ටක් කන්න ඕනේ නැනේ....

         ඔහොම ටික වෙලාවක් ගියාම අපේ උන් ටික උන්ගේ ගෑල්ළමයිට ඇල්ම බැල්ම දාන්න පටන් ගත්තා ... අපේ ගෑල්ළමයිට උන් ඇල්ම බැල්ම දාන්න පටන් ගත්තා ,,, හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි  කියනවනේ ඒ නිසා වෙන්න ඇති,,,, ආ කියන අමතක වුනානේ අර ආපු ගෑල්ළමන්ගේ ඉස්කෝලෙන් කොල්ලෝ ටිකකුත් ඇවිත් තිබ්බා ,,, කොහොම හරි ටිකක් වෙලා යද්දී මේ වැඩේ දෙපාර්ශවෙටම මාට්ටු වුනා,,,ඒ කියන්නේ උන්ගේ ගෑල්ළමයිට අපේ උන් ලයින් දාන එකයි ,,,, අපේ ගෑල්ළමයිට උන් ලයින් දාන එකයි... දෙපත්තෙම උන්ට මාට්ටු වුනා...

             මුලින්ම මුනෙන් මුනු බලාගෙන ඔරව ගත්තු කට්ටිය,,, පහු පහු වෙන කොට කොහු කොහු වෙනවා වගේ,,, වැඩේ දුර දිග ගිහින් වලියකට මග පෑදුනා,,,ඔන්න උත්සවෙත් ඉවරයි,,,, ඔක්කොම උන් ගියා හැබැයි අරුන් තාම ගැවසෙනවා ,,, කස්ටියම වලියට සුදානම්,,,,,

ඒ අතරේ මිස් ඇවිත් ,,,,, " සේනාල් කට්ටියත් එක්ක පොඩ්ඩක් මේ වට පිට සුද්ද කරලා යන්න,,, මේ කණුවෙත් කොළ පිරිලා,, හෙට ඉස්කොලෙනේ නැත්තම් ප්‍රින්සිපල් බනි,,," කියලා මිසුත් ගියා

ඔන්න අරුන් ටිකත් අපේ ඉස්සරහට ආවා,,,කට්ටිය මුනෙන් මුණ බලන් ඉන්නවා,,, ඉස්කෝලේ කවුරුත් නෑ...,,, හරියට කව්ද බෝයි ෆිල්ම් එකක් සටනක් වගේ,,,, ඔන්න මුලින්ම කට්ටිය කටින් ගහ ගත්තා,,, ඒ කිව්වා ඒවා මෙතන කියන්න ගියොත් තනිකරම කොටු විතරයි දාන්න වෙන්නේ,,,ඔන්න එත කොටම අර අපේ අහිංසක කොලුවා scooby ආවේ නැතෑ පොල්ලකුත් අරගෙන මේ පැත්තට,,, අපි එකෙට්ටවත් හිතා ගන්න බෑ ,, මොකද කවම දාවත් මිනිහා ගහ ගන්න යන එකෙක් නෙමෙයි,,, මු මෙතනට ආවා විතරයි , සික්කත් මෙතට කඩා පැනපි එක  පාරටම....,,,

  " මොකද මොකද මෙතන වෙන්නේ තමුසෙලා මේ ළමයිනට ගහන්නද යන්නේ ,,, මොකද තමුසේ ඔය පොල්ලක් උස්සන් "
  
   මිනිහා,,, නිකන් ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේ ටෝක දැම්මේ....

එතකොටම පොල්ලක් අතේ තිය හිටිය අපේ scbooy යා කියපි,,,
" කව්ද ගහන්න පොල්ලක් ගෙනාවේ ,,, මන් මේ මෙතන තියන කානුව සුද්ද කරන්න පොල්ල ගෙනාවේ "

  ඒක කිව්වා විතරයි සික්කා,,, ශේප් එකේ මාරු අපිටත් බඩ පැලෙන්න හිනා ,,,, ඒ අතරේ අරුන් සෙට් එකත් මාරු වෙලා.... මොනවා වුනත් scbooy යා තමයි ,,,, සික්කව 2පරක්ම නොන්ඩි  කරේ..... අපිත් ඉතින් අස්පස් කරලා ගෙදර ගියා,,,,,

මගේ ඊලග පොස්ටුව කොටන්න වෙන්නේ සිරි ලංකාවේ  ඉදලා තමයි ,,,,, එහෙනම් ගිහින් එන්නම් ජයෙන් ජය !!!
කමෙන්ටුවක් කොටලා ගියාට අමනාපයක් නෑ ,,, ඇ ,,,,
ආ කියන්න අමතක වුනා අපේ මදුසංකයා තැබිලි ගහට නැගලා දාපු සෙල්ලම් වල සත්‍ය වීඩියෝ පටය ලගදීම බුකියෙන් බලාපොරොත්තු වෙන්න (සිරි ලංකාවට යනකන් ඉන්න වෙනවා )
සැ.යු ...

මෙහි  එන සියලුම නම් මනඃකල්පිත  නොවේ !!!  ඔක්කොම ඇත්ත නම් ඇ .....

සදහන් කර ඇති සිද්දිය සියයට සියයක් සත්‍ය වේ,,,,

පල කර ඇති පින්තූර සියයට 75 සත්‍ය පින්තුර වේ ....


බ්ලොග්  ලියන ඔයාලගේ පොස්ට් ගොඩක් දෙනාට බලන්න බුකියේ අපේ
ග්රුප් එකට සෙට් වෙන්න

 

21 comments:

  1. ඉස්කෝලේ කාලේ කරපු දේවල් කියන්නේ අමතක කරන්න බැරි මතකයක් ....

    රෙපා

    ReplyDelete
  2. ඩේ සහ ෆන් යනු දෙකක් නොව එකක්ය :)

    ReplyDelete
  3. හ්ම්ම්ම් අපුරු මතක ...
    ස්මනල රැනක් සෙ ඉගිලි අකුරට ගිය පසැල් කාලෙ අයෙත් එනවානම් අපෙ දිවියට ආසයි එ ලස්ස්න කාලෙ

    ReplyDelete
  4. school li‍fe එක කවදාවත් අමතක කරන්න බැහැ මචං ... මේ පොටෝවල උබ ඉන්නවද හොයාගන්න බැරි උනො ............

    ReplyDelete
  5. @Lahiru Mudith පුලුවන්නම් හොයා ගනින් ,,,, අපි ඒ දවස් වල ඉතින් වෙනස්නේ ,,,

    ReplyDelete
  6. පට්ට සීන් ටික බන්
    ඉස්කෝලේ කාලේ ආතල් ආයේ ලොවෙත් ගන්න හම්බ වෙන්නේ නැහැ.

    එහෙනම් වෙල්කම් බැක් නිපුන

    ReplyDelete
  7. @නිශාන් තැනක් මචෝ ... ආයේ එන්න මේ පැත්තේ

    ReplyDelete
  8. මීයා,
    හූ..
    වැඩේ එල ඈ...
    ඉස්කෝලෙත් මතක් උනා...
    උබව හොයන්න ට්‍රයි එකක් දුන්නා.හොයා ගන්න අමාරැයි ඈ..
    ජය වේවා..

    www/katumatige.blogspot.com

    ReplyDelete
  9. පාසල් මතකය අලුත් උනා.
    //එතකොටම පොල්ලක් අතේ තිය හිටිය අපේ scbooy යා කියපි,,,
    " කව්ද ගහන්න පොල්ලක් ගෙනාවේ ,,, මන් මේ මෙතන තියන කනුව සුද්ද කරන්න පොල්ල ගෙනාවේ "//
    ස්කුබියා තැනට සුදුසු නුවන තියන පොරක් වගේ.. :)

    ReplyDelete
  10. මම මේ කල්පනා කරේ අපේ මල්ලියා දැන් 10යෙ නම සොනාල් ඒයාටත් පාල කියලා කියනවා වගේ ඇහිලා තියනවා..එයත් සම්බන්ධ එකක්ද කියලා...හිහි..මේ මල්ලියා ඊට වඩා ටිකක් ලොකු නිසා අවුලක් නෑ.. ෂෝය් නේද ස්කෝලෙ කාලේ..

    ReplyDelete
  11. පාසල් කාලය කියන්නෙ ඉතිං කථන්දර රාශියක් නොවැ... ලස්සන අතීතයක්...

    ReplyDelete
  12. @ශම්මි මටනම් අක්කා කිව්ව් එකක් තේරුනේ නැනේ :(

    ReplyDelete
  13. @සිරාගේ කාමරේ බොහොම ස්තුතියි සිරා අයියේ ,,,

    ReplyDelete
  14. අදයි මේ බ්ලොග් එකට ආවේ . උඹ තාම හිච්චි කොල්ලෙක් නේ මලේ.. අපේ පහුවෙච්ච ඉස්කෝලේ කාලේ ආයෙමත් මේ බ්ලොග් එකෙන් මතකෙට ආවා දිගටම ලියාගෙන පලයං මලේ . ඉඩක් තියන විදිහට අපිත් එන්නම් කියවලා සපෝට් කරල යන්ඩ .

    ReplyDelete
  15. හම්බෝ කළා උළෙලට ඉස්කෝලේ නැවතිලා ඉඳල කෙලපු පිස්සුව මතක් වුනා වුනා

    ReplyDelete
  16. api thama school yana nisa mara aathal!!!!!!!!!!!

    ReplyDelete
  17. හෆොයි අපිත් ඉහේ කෙස් ගානට මේ ඩේස් අර ඩේස් සරසන්න සෙට් වෙලා ඇති අප්පා...චිත්‍ර අඳින්න පුලුවන් වුණු පින පලදුන්නු හැටි තා ඒ...හැබැයි කොයි තරම් කට්ට වුණත් මාර ෆන්..කොච්චර දඟ වැඩ කළත් ටීචර්ස්ලත් හරි ආදරෙයි....අනේ ඒ වගේ සුන්දර කාලයක් ආයෙත් එනවනම්....

    ReplyDelete
  18. ඉස්කෝලේ කාලේ හොරකම් කරපුවා ලියන්න ගියොත්නම් වෙනමම එකක් ලියන්න වෙනවා

    ReplyDelete

පොස්ටුව කියවලා හිතට එන දේවල් වලට තිත නොතියා ...
අපිටත් දැන ගන්න මොනවා හරි කුරුටු ගාලා ගියා කියලා මයේ අකමැත්තක් නැහැ ....

Read More Post Slideout Widget For Blogger

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...