කස්ටියට කොහොමද ඉතින් මෙහෙනම් ටිකක් සීතලයි (ඉතාලියට... එහෙම කිව්වේ ලංකාවේ සීතලයි කියල ඕගොල්ලෝ හිතයි කියලා,) මං කලින් post එකෙන් කිව්වනේ area 51 ගැන මට හිතෙන දේ.දැන් කියන්න යන්නෙත් ටිකක් ඒ වගේ කතාවක් ගැන.කතාවට බහිමුකො.....
ඕගොල්ලෝ දන්නවනේ සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් කලාව අංගංපොර සටන් කලාව (මං හිතන්නේ නොදන්නා කෙනෙක් නෑ) මගේ කතාවටත්, මේ අංගංපොර සටන් කලාව අදාල වෙනවා .ඒ නිසා මුලින්ම මේ මේ කලාව ගැන හැදීන්වීමක් කරන්නම්කො මං හිතන්නේ ලෝකෙන්ම සටන්කලා වලින් දිර්ඝම ඉතිහාසයක් තියෙන්නේ අපේ අංගංපොර සටන් කලාවට ඒ වසර 30000ක් (ඒ ගැනනම් හිතේ පුංචි ආඩම්බරෙකුත් තියෙනවා ) මේ බවට ශාක්ෂිත් තියනවා කියලා තමයි කියන්නේ . කතරගම මහසෙන් නම් රණ ශුරයාගේ යක්ෂ පෙළපතින් පටන්ගත්ත මේ සටන් පසුකාලීනව මහා රාවන නම් රණ ශුරයා දියුණුකර සිංහල බෞද්ධ සමාජයට බාරදුන්නා.සම්ප්රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගන්න කියා මේ කලාව පරම්පරාවෙන් පරම්පරාවට ලබා දුන්නා.(මේ ඉතිහාස තොරතුරු www.angampora.info ඇසුරෙන් )
මේ කලාව ඉතා මාරාන්තික කලාවක් නේ .. ඒවගේ තමයි මේ කලාව රහසිගතයිනේ (ඒ කියන්නේ මේ කලාව හැමෝටම කියලා දෙන්නෑනේ) හරි දැන් මගේ කතාවට බහිමු.ඕගොල්ලෝ දන්නවනේ ලෝකෙම ප්‍රසිද්ද වෙර්ස්ලින් ක්‍රීඩාව (wwe කිව්වම දන්නවනේ අර ජෝනේ සීනා ඉන්නේ දැන් දන්නවනේ ) මට හිතෙන්නේ මේ වෙර්ස්ලින් අපේ රටින් හොරකන් කරපු දෙයක් කියලයි . මට වෙර්ස්ලින් බලන කොට හිතිච්ච දෙයක් තමයි අපේ අංගංපොර සටන් වලින් ගත්තේ පොඩි පොඩි කැලි වලින් තමයි වෙර්ස්ලින් වල ගහගන්න අය ගහගන්නේ කියලා. අපේ සටන් වල සටන් ක්‍රම හොයා ගන්න බැරි වුනාට සමහර ක්‍රම (ඒ කියන්නේ දැක්කම පෙන දේවල් ) ඒගොල්ලෝ බවිත කරනවා කොහොමත් ඉතින් සොද්දෝ කියන්නේ අනිත් අයගේ දේවල් වලින් රජ වෙන අයනේ . ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි .වෙනසක් නෑ මං පින්තුර ටිකක් පෙන්නන්නම් එතකොට අයි මං මෙහෙම කියන්නේ කියලා ඔයාට හිතෙයි බලලා ඉන්නකෝ..............
pic. 1
pic 2
pic 3
pic 4
pic 5
pic 6
pic 7
කොහොමද දැන් හිතෙන්නේ මං කිව්වේ මගේ අදහස . මං කොහොමත් ටිකක් අමුතු දේවල් ගැන හිතනවා හිටපු ගමන් ඒ වෙලාවක තමයි මේක හිතුනේ . ඕගොල්ලන්ට හිතෙන දේ කමෙන්ට් කරන්නකෝ .අපේ මුහුණුපොතේ fan page එකට like එකක් ගෙන ගියටනම් කමක් නෑ ......... එහෙනම් ගිහින් එන්නම් ......
කතාව ඇත්ත... නියම ලිපියක් නිපුන්
ReplyDeleteස්තුතියි ඔයාලගේ අදහස් වටිනවා අපිට
ReplyDeleteවෙන්න පුළුවන් ඒත් හරියටම හිතන්න බැහැ
ReplyDeleteමං කියන්නේ නෑ මේ ඇත්ත කියලා මං ටිකක් අමුතු දේවල් හිතන කෙනෙක් ඒ වගේ වෙලාවක මට හිතිච්ච දේ තමයි මේ ...
ReplyDeleteඅපට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක.......
ReplyDeleteඑකනම් ඇත්ත
Delete