Thursday 20 September 2012

අපි දන්න AREA 51 හි රහස බොරුවක්ද?

          


        කොහොමද කට්ටියට අද මන් කියන්න යන්නේ පොඩි වෙනස් දෙයක් ඕගොල්ලෝ දන්නවනේ AREA 51 ගැන මන් හිතන්නේ නොදන්නා කෙනෙක් නෑ කමක් නෑ මන් කියන්නම්කො දන්නැති අයටත්.හැබැයි මන් කියන්න යන්නේ area 51 ගැන නෙමෙයි ඊට කලින් මේ area 51 කියන්නනේ මොකක්ද කියලා බලමු.


             area 51 කියන්නේ ඇමරිකාවේ තියන ගුවන්හමුදා කදවුරක් මේක තියෙන්නේ ඇමරිකාවේ නෙවටා ප්‍රාන්තයේ ලාස් වෙගාස් අගනගර බලප්‍රදේශයේ මොජාපය නම් කාන්තාර ප්‍රදේශක (මං ඉතින් මේ ඔක්කොම කිව්වට අපි ඉතින් හොයාගෙන යන්නද නේ )මේ ගුවන්හමුදා කදවුරේ සේවකයින් 3000-3500 අතර පිරිසක් ඉන්නවලු .(මං ඉතින් දැක්කේ නැනේ ) හරි හරි දැන් අපි ඔක්කොම දන්න දේ තමයි මේ කදවුරේ පිටසක්වල ජීවින් ගැන පරේෂණ කරන බව කියන එකයි ඒ අය එක්ක සබදතා පවත්වා ගෙන යනවා කියන එකයි . නමුත් මං කියන්නේ ඒ සියල්ල බොරු කියන එකයි  හෝව් හෝව් ..... කලබල වෙන්න එපා . මම එහෙම හිතන එකට හේතු මං දෙන්නම්.





              මුලින්ම ඕගොල්ලෝ මගෙන් අහන්න යන්නේ මොකක්ද කියලා මං දන්නවා area 51 එකේ ඉන්න අය ඇයි කදවුරෙන් එලියට එන්නත්තේ කියන එකනේ .ඔක්කොලම හිතන් ඉන්නේ ඒ පිටසක්වල ජීවින් ගැන තියන තොරතුරු එලියට එයි කියන එක නේ . මන්නම් හිතන්නේ එක නෙමෙයි . මේ කදවුර තියෙන්නේ කාන්තාරයක් මැද. එකේ ඉන්න සේවකින් දිනපතා යන එන එක කරදරයක් අනිත් එක තමයි අපි හැමෝම  දන්නේ  ඒ අය කදවුරට යන්නේ තමන්ගේ පවුලත් එකක් සදහටම එකට හේතුව නම් මේ කදවුරේ රහසක් තියෙන්න පුළුවන් එත් මේ රහස පිටසක්වල ජීවින් නෙමෙයි . ඔහුන් මේ මාර්ගෙන් ඒ රහස ලෝකයෙන් වසන් කරලයි තියෙන්නේ .


 area 51   ප්‍රදේශය















මම කලින් කිව්ව ඒ අපි නොදන්නා රහස වහගන්න තමයි අදිඅරක්ෂක කලාපයක් කරලා කාන්තාරයක් මේ කදවුර තියෙන්නේ .ඕගොල්ලෝ දන්නවද කිසිම ගුවන්යනයකට මොනම හදිසියකටවත් ඒ කදවුරට ගොඩබස්සන්න බෑ. තහනම් . ඕගොල්ලෝ දැන් කියයි ඉතින් ඒ රහස තමයි පිටසක්වල ජීවීන් කියලා නැහැ මේ area 51 මිනිසුන් නොමග යවලයි තියෙන්නේ ඒ සදහා ශුක්ෂම විදියට ඒ අය ශාක්ෂි දීල තියෙන්නේ නොමග යවන්න. ඕගොල්ලෝ දන්නවනේ ප්‍රසිද්ද පින්තුර ටිකක් තියනවනේ area 51 එකේ .පොඩ්ඩක් හිතන්න මේ අදිඅරක්ෂිත කලපයක්නම් කව්ද මේ පින්තුර ගත්තේ




 










ප්‍රසිද්ද පින්තුර



මේ පින්තුර අරගෙන ප්‍රසිද්ද කලේ මොකටද (මේක රහසක්නම් ) ඒවා තමයි මේ අයගේ ශුක්ෂම රැවටිලි කියන්නේ මේ පින්තුර බැලූ බැල්මට හිතෙන්නේ ඇත්ත කියලා නමුත් අද තක්ශ්නෙට ඕන බොරුවක් කරන්න පුළුවන්නේ ... නේ

ඊළගට ඕගොල්ලන්ට එන ප්‍රශ්නේ තමයි පියාබන පිරිසි area 51 වල ඇත්ත රහස යට ගහන්න ගත්ත තවත් ක්‍රමයක් තමයි ඔය පියාබන පිරිසි මං දෙන්නම් හොද උතරයක් පහල video එක බලන්න මේ පියාබන පිරිසි කාගේද කියලා හොදට බලන්න ඒ පියාබන පිරිසියේ ගාහල තියන නම ..... video එක full screen දාලා බලන්න



දැන් තේරෙන්න ඇතිනේ කව්ද මේ පිටසක්වල ජීවින් කියලා area 51 තියෙන්නේ අපි දන්න රහසද නැත්තම් වෙන රහසක්ද යන්න හිතන්නේ කාලය දැන් ඇවිත් කියලා තමයි මට හිතෙන්නේ මං පෙන්නනම් තව video එකක් හොදට බලන්න මේකේ මේ පියාබන අමුතු වස්ත්ව පිටිපස්සේ යන හමුදා වහනය දිහා .......


දැක්කනේ මට හිතෙන්නේ මේ හමුදා වාහනේ සහ පියාබන වස්තුව ඇතා සම්බදයක් ඇති කියලා (හරියට රෙමොට් car වගේ නේ ...) මං පෙන්නම් තව පියාබන වස්තුවක් මේකත් බැලුබැල්මට රැවටෙනවා පිටසක්වල යානයක් කියලා බලබම එන්නකෝ ..... (එතකන් මං වතුර වීදුරුවක් බිල එන්නම් ,,,,,,,,)



බැලුවනේ ඉතින් මං අයේ කියන්න ඕනේ නැනේ මේ ගැන .මං ඉලගට පෙන්නන්නම් තව පින්තුරයක්


        මේකේ තියන සැකිල්ල දැක්කම හිත ගන්න පුළුවන් අපිට මිට වැඩ ලොකු දෙයක් උනත් හදන එක ලොකු වැඩක් නෙමෙයි කියලා (අපිටනම් ලොකු වැඩක්  තමයි ) අනික මට තියන අනිත් ප්‍රශ්නේ තමයි මේ area 51 පිටසක්වල ජීවන් තියාගෙන අදහස මාරු කරගන්නේ කොහොමද (මොකද උන් බාෂාව ඉගෙන ගන්නේ ක්ලාස් ගිහින්ද ) අනික එහෙම අදහස් මාරු කර ගන්නවානම් ඇයි ලෝකෙට හෙළිකරන්නේ නැත්තේ එහෙම අදහස් හුවමාරු කරගන්නවා කියන්නේ ඒ අයගෙන් හානියක් නෑ කියන එකනේ. අනික අපිට වඩා තාක්ෂණයෙන් දියුණු මේ අය ඇයි ලෝකය අක්ක්ර්මනය කරන්නැත්තේ . මට මේ ඔක්කොම ගැන හිතුවම්නම් හිතෙන්නේ මේ area 51 කියන වෙන රහසක් වහ ගන්න මේ පිටසක්වල කතාව හොද ඉත්තෙක් කරගෙන කියන එකයි .

   මං කියන්නෑ පිටසක්වල ජීවින් කියලා කට්ටියක් නෑ කියලා එහෙම කට්ටියක් ඉන්න පුළුවන් . මං කියන්නේ area 51 කියන්නේ පිටසක්වල ජීවින් ගැන තියන රහස් ගබඩාවක් නෙමෙයි මේක වෙන රහස් ගබඩාවක් කියන එකයි කොහොම හරි මං මේ කිව්වේ මගේ අදහසයි මේක ඕගොල්ලෝ පිලිගනීද නැද්ද කියන්න මං දන්නෑ  මේ මගේ අදහස ඕගොල්ලන්ට හිතෙන එක කමෙන්ට් එකකින් දල යන්නකෝ ..........

40 comments:

  1. type akuru wala waradim thiyanawanam sama wenna

    ReplyDelete
  2. මට මේක කියවල හෙන කුතුහලයක් ඇති වුනානේ.

    ReplyDelete
  3. ඒ කියන්නේ මගේ උත්සාහය සාර්ථකයි මට ඕනේ පේන දේට වැඩි යමක් පෙන්නන්න

    ReplyDelete
  4. බොහොම තර්කාන්විත ලිපියක්. ඔබේ අදහස බැහැරකල නොහැකියි
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  5. වෙනස් විදියට හිතලා ලියපු ලිපියක් ,බොහොම වටිනවා මේ අකාරය ...

    ReplyDelete
  6. @Naleen Dilruksha බොහොම ස්තුත්යි නලීන් ...

    ReplyDelete
  7. @රොබින් ස්තුත්යි ,,, මගේ මේ ලිපියත් බලන්න මන් හිතන්නේ ඔබ එකට කැමති වෙයි http://theachcharuptuwa.blogspot.it/2012/09/blog-post_21.html

    ReplyDelete
  8. නියමම නියමයි යාලු..අනාගතේට හොඳ ලිපි ටිකක් බලාපොරොත්තු වෙනවා..ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  9. @හිරුමාවී අනිවරෙන්ම උගොල්ලනට මේ වගේ තේරුම් ගන්න බැරි දේවල් , අබිරහස් දේවල් මට කියන්න මන් ඒවා ගැන හොයල බලලා මගේ මතය මන් කියන්න

    ReplyDelete
  10. ඔබේ තර්කයේ දෙපැත්තක් තියනවා. ඒ මෙහෙමයි. නෙවාඩා කාන්තාරයේ පිටසක්වල ජීවීන් නෑ කියල ඔබ තර්ක කරනවා. එත් ඔබට ඔප්පු කරන්න බෑ මේ තර්කය. හේතුව:

    ඔබ කියන්නේ මේ යානා ගැන ඒ වගේම එහි ඇති USA සලකුණු ගැන තියන කරුණු එක්ක. ඒවා හරි. එත් ඔබම කියනවා නවීන තාක්ෂනය මගින් ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලත්. ඔබ ඔය කියන USA අකුරු තියන යානය 3D MAX MAYA වගේ මෘදුකාංගයක් හරහා පහසුවෙන්ම හදලා පහසුවෙන් අර ගුවන් යානය ආසන්නයේ නවත්තන්න පුළුවන්. ඒ එකක්.

    දෙවැන්න ඔබ ඔය කියන යානා තියන පින්තුරේ ඔබම කියන විදියට ඔවුන්ගේ මවාපෑමක් වෙන්න බැරිද?

    තෙවැන්න ඔබ කියන විදියට පිටසක්වල යානා දුටු සෑම විටකම හෝ සීයට 75% කට වඩා හෝ පිළිගත හැකි මට්ටමේ ප්‍රමාණයකට ඒ ආසන්නයේ ඇමරිකානු හමුදා වාහන හෝ ඒ චලනයන්ට සමගාමිව වෙනත් වාහන චලනය වෙනවා ද? මේ වීඩියෝව අහම්බයක් වෙන්න බැරිද?

    සිව්වැන්න ඔබ දන්නවාද ඇමරිකාව තාක්ෂණය කොපි කිරීමේ සූරයන් බව?

    පිටසක්වල ජීවීන් හා සංවේදනය සඳහා ඔවුන් telepathy වැනි ක්‍රමයක් භාවිතා කරනවානම් භාෂා ගැටළු මතුවේ ද? ඒ මේ වගෙයි. ඔබ භාශා කීපයක් දන්නේ ය සිතන්න. ඒ දන්නා විට ඔබට ඒ එක භාෂාවක ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දයම අනිත් භාෂාවේ වෙනත් තේරුමක්. ඔබ මේ දේ තේරුම්ගන්නේ කොහොමද අන්න ඒ විදියට තමා ටෙලිපති ක්‍රමය වැඩ කරන්නේ. සිතිවිල්ලක් හරහා.

    අපි සංවාදයක යෙදෙමු. ඒ එක්කම සංවාදයට ඉඩ හැදුවාට ඔබට බොහෝ තුති.

    ReplyDelete
  11. @Alexander Cage


    ඔබ පුලින්ම පවසන ආකාරයට කවුරු හරි පුත්ගලයෙක් මේ වැනි USA ලන්චනය සහිත යානයක් දැක එහි පින්තුරයක් ඉදිරි පත් කළහොත් එය සත්‍ය පින්තුරයක් වුවත් ඔබ පවසයි එය තාක්ෂණික මෘදුකාංගයක් ආදරයෙන් සකස් කලා කියලා ,,, මා ඉදිරි පත් කර ඇති පින්තුර සත්‍ය ඒවා හෝ අසත්‍ය ඒවා කියා උබ ඔප්පු කරන්නේ කෙසේද ???

    දෙවැන්න ,, එය කිව නොහැක ,, කෙසේ වුවත් ඇමරිකාව හැම විටම ජනතාවට හගවන්නේ එරියා 51 හි පිට සක්වල ජීවීන් සිටින බවයි ,, ඒ බැවින් මේ පින්තුර ඔහුන්ගේ මවා පෑමක් යයි සිතීමට අපහසුයි ,,

    තුන්වැන්න ,, මං කිව්වේ නෑ යානයක් දිස්වෙන හැම මොහොතකම යුද වාහන ඒ පිටි පස්සෙන් යනවා කියලා ,,, නමුත් ඒ වීඩියෝවේ තිබෙන ආකාරයට තරමකට හෝ අපට නිගමනය කරන්න පුළුවන් කුමන හෝ සම්බන්දයක් ඒ යානය හා වාහනය අතර ඇති බව .

    සිව්වැන්න ,,,, ඔබ පවසන ඔය telepathy ක්‍රමයක් ඔහුන් බාවිතා කරනවා යයි ඔබ වසන්නේ කොහොමද ,, මෙය රහසක්නම් ප්‍රසිද්ද කරන්නේ
    (පිටසක්වල ජීවින් ගැන ) කුමන අරමුණකින්ද ??

    ඔබ පවසන ආකාරයට මෙවැනි රහසක් ඔහුන් සගවා සිටින්නේ නෑ ... මෙය හරියට ගොබෙල්ස් නියාය වගෙයි ,, යමක් එක දිගට එය යයි පැවසීමෙන් ජනතාව එය විශ්වාස කරනවා ...

    මෑත කාලයේදීත් BBC NEWS කණ්ඩායමක් ඒරියා 51 හි පින්තුරැ කිහිපයක් ඉදිරිපත් කර තිබුනා ,,, මෙතරම් ආරක්ෂාවක් මැද ඔහුන් පින්තුර ගත්තා කියන්නේ කෙසේද මෙවැනි හැම අවස්ථාවක ඔහුන්ව එම පින්තුර හෝ වෙනත් තොරතුරු ප්‍රසිද්ද කිරීමෙන් පසුව අත්තඩන්ගුවට ගන්නේ ඇයි ඔතරම් ආරක්ෂාවක් හා තාක්ෂණයක් තිබෙන ඔහුන්ට මේව ප්‍රසිද්ද කිරීමට පෙර වැලක් විය නොහැකිද ,,, අනික කෙනෙකුට එම ස්ථානයට ලෙහෙසිය ලග විය නොහැක ,,, මොකද එය තිබෙන්නේ කාන්තාරයක් මැද ,,, කෙසේ හෝ පුත් ගලක් එම ස්ථානයට ලග වී පින්තුර හෝ තොරතුරු රැගෙන ආපසු යනකම් ඔහොන්ගේ ඇස් පියවිලාද තියෙන්නේ ,,, මේ කරුණු එක්ක බලද්දී මට තේරෙන්නේ ඇමරිකාව මෙවැනි ක්‍රියා වලින් එහි ඇති සැබෑ රහස ලොවට තුරන් කරනවා යන්නයි ///

    අදහස් දැක්වූ ඔබ ස්තුතියි..

    ReplyDelete
  12. @Nipun fernando sama wenna samahara wachana waradiyata gahila sama wenna

    ReplyDelete
  13. එක. ඔබ ම තමයි කියන්නේ මේවා පරිඝනක ආධාරයෙන් (නවීන තාක්ෂනය මගින්) සැකසිය හැකි බව. මම කිව්වේ මේ වගේ කතාවක්. ආයුධ විකුණන කෙනෙක් කිව්වලු මගේ හෙල්ල තමා හොඳම, ඕනෙම පලිහක් විදින්න පුළුවන්, ඒ වගේම මේ පලිහ ඕනෙම හෙල්ලක් නවත්තනවා කියලා. කෙනෙක් ඇහුවලු ඔබේම හෙල්ලකින් ඔබේම පලිහකට ඇන්නොත් මොකක් වෙයිද කියා...:)

    "මේ පින්තුර අරගෙන ප්‍රසිද්ද කලේ මොකටද (මේක රහසක්නම් ) ඒවා තමයි මේ අයගේ ශුක්ෂම රැවටිලි කියන්නේ මේ පින්තුර බැලූ බැල්මට හිතෙන්නේ ඇත්ත කියලා නමුත් අද තක්ශ්නෙට ඕන බොරුවක් කරන්න පුළුවන්නේ"

    ඔතන මම දුන්නේ උදාහරණයක් විතරයි මෘදුකාංග දෙකක් ගැන කියලා.:)

    දෙවන්නට දී ඇති පිළිතුර ඔබේ පළමු පිළිතුර තුල ඇති ප්‍රශ්නයට පිළිතුරු සපයයි.

    තෙවැන්න: ඒක එකම එක වීඩියෝවක් මගින් කිව නොහැකිය. ඒ සඳහා අඩුම තරමින් වීඩියෝ කීපයක් හෝ අවශ්‍ය ය.

    සිව්වැන්න: ඔබේ තර්කය පිලිගනිමි.ඒ මගේ උපකල්පනයක් පමණි. එසේ කීමට මට කිසිඳු සාක්ෂියක් නැත.

    ඒරියා 51 තුල නිරන්තර මුර සංචාර සහ ස්නයිපර් වරු ස්ථානගත කිරීම් සිද්ධ වන බව ඔවුන්ම පවසා ඇත. යමෙක් ඒ සිදුරුවලින් රිංගා ගිය විට (එසේ යන විට ) ඒ ගැන හඬ නගන්නේ නැත. ඔබේ දොරට ආරක්ෂාවක් යෙදු විට හොරු ජනේලය හරහා පනින අතර ජනේලයද ආරක්ෂා කල විට ඔවුන් වහලය යොදා ගනී. එයද වැසූ කලක පසුපස දොර හරහා ඔවුන් නොඑයි ද? ඒ තමා හැමදාම වෙන දේ. 100% සිදුරු රහිත ආරක්ෂක සැලසුම් කොහෙත් නැත.

    ReplyDelete
  14. @Alexander Cage ඔබ හැම විටම පවසන්න උත්සහ දරන්නේ නවීන තාක්ෂණයෙන් මේවා සාදා ඇති බවයි ,,, පළමු හා දෙවන දෙකටම එක පිළිතුරක් දෙන්නම් ,,,, ඔබ පවසනවා මා පැවසු පරිදි නවීන තාක්ෂණයෙන් මේවා සකසා ඇති බව ,, නමුත් ඇමරිකාව හැම විට උත්සහ කරන්නේ මෙවැනි රහසක් ඔහුන් සගවා ඇති බව ජනතාවට හැගවිමටයි,,, එම නිසා ඔබේ පිළිතුර සාදාරන නෑ ..
    මන් පෙර කි පරිදි මෙය ගොබෙල්ස් නියාය වගේ ,,, ලෝකේ රජ්ජුරුවෝ ලෝකේ කවුරුත් දන්නැති දෙයක් මිනිසුන්ට හැම විටම ය සත්‍යයි පැවසීමේන් ඒ ගැන නොදන්නා අය එක පිලිගන්නවා ,,මෙවැනි පින්තුර පිට කිරීමෙන් බලා පොරොත්තු වෙන්නේ තවත් එය තහවුරු කිරීමට උත්සහ කිරීමයි ,,

    තෙවැන්න > ඒක මන් පිලිගන්නවා..

    නමුත් එරියා 51 කියන්නේ හමුදා කදවුරක් ,,, එවැනි කදවුරක ඔබ පවසන ආකාරයට දොර ලග රකින කොට ජනේලෙන් පනිනවා වගේ හොර වැඩ කරන්න බෑ ,,, මොකද සාමාන්‍ය හමුදා කදවුරකත් පැය 24 ම වටේටම ආරක්ෂා කරනවා ,,,, එවැනි තැනකත් එහෙමනම් ,, මෙවැනි රහස් රකින තැනක ආරක්ෂාව අනිවාරෙන්ම ඊට වඩා වැඩි ,, :) අනික ඔහුන්ම පවසලා තියනවා මෙහි වෙනත් කදවුරු නැති ආරක්ෂක ක්‍රම මෙහි ආරක්ෂාවට යොදා ගන්නවා කියලා .. තව , ඔබ පවසන පරිදි එහි ආරක්ෂාවට ස්නයිපවරුන් යොදවා ඇත්නම් ඔහුන්ගෙන් ගැලවී කැමරාවක් අතට ගත් සාමාන්‍ය පිත්ගලයෙක් ඇතුල් වෙන්නේ කොහොමද ,,, අනික අපි දන්නා පරිදි ස්නයිපවරයෙක් කියන්නේ දින ගණනක් වුවත් තමන්ගේ රාජකාරිය අවසන් වනතුරු එක එල්ලේ සිටින කෙනෙක් ,, එහෙම පුහුණු වුනු කිහිප දෙනෙක් සිටින ස්ථානයකින් සාමාන්‍ය කැමරා ශිල්පියෙකුට බේරී ඇතුල් වෙන්න පුලුවන්ද ?? අනික මා ආසා ඇති පරිදි හොදම ස්නයිපවරු ඉන්නෙත් ඇමරිකාවේ .. :)

    ReplyDelete
  15. ඔබත් එක්ක මෙහෙම සංවාදයේ යෙදෙන එක මට සතුටක් මොකද මේ සංවාදේ නිසා මේ ගැන හොයන්න මගේ උනන්දුව වැඩි වෙනවා ,,, දිගටම සංවාදයේ යෙදෙමු ,,, :) එක අපේ දැනුම වැඩි කර ගන්නත් ලොකු උදව්වක් ,,, නේ ..

    ReplyDelete
  16. ඒත් නිපුන් මෙතන වෙන්නේ මොකක්ද කියලා ඉඟියක් දීලා නෑනේ. තවත් එකක් තමා එයාලා පරීක්ෂන කරන්නේ පිට සක්වල ජීවින් ගැන නෙමේ කියලා නොමග යවන්ට ගත්තු පින්තූරද දන්නේ නෑනේ මේවා.

    මමත් ඉතින් දන්නේ නෑ හරියට.")

    ඔන්න මම ඇවිත් කියෙව්වා. ලියලා තියනවා ලස්සනයි.

    ReplyDelete
  17. @Podi Kumarihami මෙතන වෙන දේ මොකක්ද කියලා ,, කියන්න මං දන්නේ ,,, නෑ ,, ඒත් මෙතන වෙන්නේ පිටසක්වල ජීවින් ගැන පරීක්ෂණ නෙමෙයි ,,,
    ඇමරිකාව හැම විටම උත්සහ කරන්නේ එහෙම පරෙක්ෂණයක් කරනවා යයී ,, ලොවට පෙන්වීමටයි ,, ඒ නිසා ඒ අයට මේවා බොරු යැයි පැවසීමට අවශ්‍ය තාවයක් නැත

    ReplyDelete
  18. මෙහෙමයි මම ත් මේක ගැන පොඩ්ඩක් දන්නව.. මොකද මට මේල් එකක් ලැබුන මේ පිළිබදව.. කලින් (දැන් මුළු ලියුම් පෙට්ටියම හෙව්ව ඒක හම්බුනේ නැහැ.. මගේ අතින් ඩිලීට් වෙල.) ඒකෙ කියල තිබුනෙ ඒකෙ ඉන්න පිටසක්වල ජීවීන් බුදුන් වහන්සෙ හොයා ගෙන පැමිණිලා කියල. සමහර විට ඔයා දැකලත් ඇති වීඩියෝ එක.කොහොම උනත් හරි උඩින් බලල මේකෙ වෙන්නෙ මොකද් ද කියල කියන්න බැහැ. මොකද අපි දන්නෙ නැති දේවල් ගොඩක් තියෙනව මේ ගැන.. ඔයා මේක දිහා වෙනත් විදියකින් බලල තියෙනව.. ඒ තර්කයත් ඉවත දාන්න බැහැ. ඒත් ප්‍රශ්නය තියෙන්නෙ තර්කය ගොඩනගා ගන්න අපිට සාක්ෂි හොයන්න අමාරුයි.. අපි බලමු... ඔයාගේ අදහස හොදයි නිපුන්. ඔයා කියන විදියට මේක අමෙරිකාව අන් අයගේ ප්‍රසිද්ධිය බලාගෙන කරන එකක් ද දන් නැහැ.. මොකද අමෙරිකාව ඒ වගේ දේවල් කරනව කියල අපි දන්නව.
    කොහොම උනත් ඒරියා51 ගැන අමුතුවට හිතන්න ඔයාගේ පෝස්ට් එක වැදගත් උනා.
    ඔබට ජය වේවා!!

    ReplyDelete
  19. @Nipuna Senanayake අදහස් දැක්කුවට ස්තුත්යි ,,,

    ReplyDelete
  20. මේ කඳවුර වටේට ආරක්ෂක වාහන වලින් මුරසංචාර කරනවා. ස්නයිපර්වරු ඉන්නවා. ඒත් ඒ කොහොම වුනත් කඳවුර අතුල ටෙලස්කෝප් වලින් ළඟ කඳු වල ඉඳලා බලන අය ඉන්නවා. ඒ එකක්. කඳවුරු ගැන කියලා තියන (මෙතෙක්) හැමෝම එක්කෝ මේක ඇතුලේ වැඩ කරපු අය නැතිනම් ඒවා පදනම්කරගෙන හදපු වැඩ සටහන්.

    http://www.youtube.com/watch?v=NZGfL2-qOEc

    http://www.youtube.com/watch?v=DIqT-EVnS3s&feature=related

    මේ ටිකත් බලන්නකෝ.. තව area 51 documentary කියලා යු ටියුබ් එකේ සර්ච් කලොත් ගොඩක් විස්තර බලාගන්න පුළුවන්.

    ReplyDelete
  21. මම මේ සයිඩ් එක ගැන ගොඩක් ආසයි,එත් ගොඩක් දේවල් දන්නෙ නං නෑ,ඒත් එරියා 51,,රොස්වෙල් සිද්ධිය,,බර්මියුඩා ත්‍රිකෝනය,මේ දේවල් මවා පාපු දේවල් නං ඇයි ඒ වගේ දෙයක් කරන්නෙ,ඒරියා 51 වලට ගිය අය එලියට එන්නෙම නද්ද,එතකොට අර ඔය රොස්වෙල් වලට වැටුන කියන පිටසක්වල යානයේ හිටිය කියන ජීවීන් බොරුද,එතකොට එ ගොල්ලො ගැන තියන වීඩියෝ බොරුද,

    ReplyDelete
  22. මෙහෙම කරමු අපි ඇමෙරිකාවට ගිහින් උද්ගෝෂණය කරමු අපිට මේකේ ඇත්ත නැත්ත කියන්න කියලා එතකොට හරිනේ. :)

    ReplyDelete
  23. @Alexander Cage මිත්‍රයා ඔබ කියනවා වගේ ඕවා තාක්ෂණයෙන් හදපු වීඩියෝ පට වෙන්න බැරිද ??? :) අනික ඔබ කියනවා වගේ මෙතරම් ආරක්ෂාවක් තියාගෙන රකින තැන .. ටෙලෙස්කොප් වලින් බැලුවම මෙනෙනවානම් ..
    මෙතරම් ආරක්ෂාවක් මොකටද ??
    එකනම් පිලිගන්න බෑ මිත්‍රයා ,,,

    එන්න එන්න ඔබේ නිහඩතාවයෙන් පෙනී යන්නේ සංවාදයේ ජය මට :) :) :)
    ජය දෙනවද තව සංවාදයේ යෙදෙනවද???

    ReplyDelete
  24. @ramal beenu මිත්‍රයා කට්ටිය එතනින් එලියට එන්නැත්තේ ඇයි කියල මන් මගේ පොස්ට් එකෙන් එකෙන් කිව්වා ඔයා හොදට කියවන්න ,,,

    කඩා වැටුණු යානාව පිලිබදව මන් අද්‍යනය කරලා නෑ ,,මට ඒ ගැන හරියට කියන්න බෑ නමුත් එහෙම යානාවක් කඩ වැටුනා කියල කිව්වට අපිට ඇමරිකාව පිලිගත හැකි මට්ටමේ ශාක්ෂි ඉදිරි පත් කරලා නෑ ,,,

    මන් කිව්වේ නෑ එහෙම ජීවින් පිරිසක් මේ විශ්වයේ නෑ කියලා මන් කිව්වේ ,,, ඒරියා 51 කියන්නේ එහෙම ජීවින් එක්ක ගනුදෙනු කරන තැනක් නෙමෙයි .. ඒ මුලාවෙන් වෙන රහස් සගවා ගෙන සිටින බවයි ...

    වීඩියෝ පිටිනම් ඕන තරම් හදන්න පුළුවන්නේ ,,, ඔය මගේ පොස්ට් එක කියවන්නේ නැතුව මමයි කමෙන්ට් කරලා තියෙන්නේ ,,,, මන් හිතන විදියට .. හරියට පොස්ට් එක කියවලා බලන්න

    ස්තුත්යි අදහස් දැක්කුවට

    ReplyDelete
  25. @මඩිස්සලේ නිශාන් අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා අල්ලලා හිරේදායි.. නැත්තම් අඩු වයසෙන් මැරෙන්න වෙයි ,, :)

    ReplyDelete
  26. සහෝදරයා, ආරක්ෂාව දෙන්නේ ඔය කියන පිටසක්වල ජීවය කොහොම වෙතත් අධි සංවේදී අලුත්ම නිර්මාණ වලට කියලා මං කියනවා.

    ඔය ඒරියා 51 එකට බාන ගුවන්යානා වල නියමුවන් ඒ වගේම ඒවගේ එන අය යන අය ඉන්නවා. සැකය යොමුවෙන්නේ ලාස් වෙගාස් ගුවන්තොට වෙත. ඒ එක්කම අංක තහඩු නැති බස්රථයක් දිනපතා මෙහි යාම් ඊම් කරනවාලු.

    භුමිය පෙනෙන බව ඇත්ත. ඒ භුමිය සැටලයිට් ඉමේජස් වලිනුත් දැන් පේනවා. ඒ වුනත් භුමිය අභ්‍යන්තරය අපිට පෙනෙන්නේ නෑ. ඒ ගැන ඔබ කුමක්ද කියන්නේ?

    ReplyDelete
  27. ඒ එක්කම, සංවාදයේ යෙදෙන්නේ දැනුම තකා මිස ජයක් තකා නොවෙයි. ඒත් ඔබේ සංවාදය මට ද සතුටක්.

    ReplyDelete
  28. @Alexander Cage
    ඔබ කලින් කිව්වේ ටෙලෙස්කොප් වලින් බැලුවාම ඇතුලත පේනවා කියලා දැන් කියනවා එහි අභ්‍යන්තරය පෙනෙන්නේ නෑ කියලා ,,, :)

    මිත්‍රයා මන් කිව්වෙත් ඒක තමයි අබ්යන්තරය පෙන්නේ නැතුව කොහොමද ඔබ කියන්නේ මෙහී පිටසක්වල ජීවින් ගැන පරෙක්ෂණ කරන තැනක් කියලා ,,,

    මන් දිගන් දිගට කිව්වේ මේ ගැන තමයි ,, නමුත් ඔබ දැන් මර්තුකාවෙන් පිට පනිනවා (ඒ කිව්වේ ඔබ මුලින් කිව්වේ මෙහි එම ජීවින් ගැන මෙහි පරෙක්ෂණ කරනවා කියලා නමුත් දැන් ඔබ කියනවා නව නිර්මාණ කරනවා කියලා )

    ඔබ ඔය කියන අංක තදුවක් නැති බස් රිය හා ගුවන් ගමන් ,, යන සියළුම පසු පස ඇත්තේ පිටසක්වල රහස් නොවේ වෙන රහස් කියන එක තමයි මම මෙතෙක් කල් කිව්වේ


    සංවාදයේ ජය ගැන කිව්වේ ඉතින් නිකමට ,,, එක ගණන් ගන්න එපා වෙන රටක වෙන දෙයකට එකම රටේ අපි ජය පැරදුම් බලාපොරුත්තු වෙන්න ඕනේ නෑ ,, මන් සතුටු වෙනවා ඔබ එක්ක මේවගේ සංවාදයේ යෙදීමට ලැබීම ගැන මොකද අද කලේ මොනවා හරි කිව්වා ගමන් පිළිගන්නා මිනිස්සු අතරේ මේ වගේ කරුණු සොයා බලා සංවාදයේ යෙදෙන එකට මන් කැමති ,,,

    ReplyDelete
  29. සංවාදය ගැන ඔබේ මතය ගැන සතුටුයි.

    "පිටසක්වල ජීවය කොහොම වෙතත් අධි සංවේදී අලුත්ම නිර්මාණ වලට" මම පිටසක්වල ජීවය නෑ කියන්නේ නෑ මෙතනින්.

    "භුමිය පෙනෙන බව ඇත්ත. ඒ භුමිය සැටලයිට් ඉමේජස් වලිනුත් දැන් පේනවා. ඒ වුනත් භුමිය අභ්‍යන්තරය අපිට පෙනෙන්නේ නෑ." මේ කියන්නේ පොලව යට ඉදිකිරීම් ගැන. එහෙම නැතුව භුමිය පෙනෙන්නේ නෑ කියන දේ නෙවෙයි. භුමිය මත ඒ තරම් ක්‍රියාකාරී බවක් පෙනෙන්න නෑ.

    පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂණ සිද්ධ කරනවාද නැත්ද යන්න නම් අපි දෙන්නාගෙන් කෙනෙක්ටවත් ඔප්පු කරන්න නම් බැරිවෙයි. ඒත් පිටසක්වලයින් සතු දියුණු තාක්ෂනය උකහාගනීමක් සිද්ධ වෙනවා කියන එක නම් සැක කරන්න තරම් දෙයක් මේ තුල තියනවා.

    මගේ බ්ලොග් එකේ පිටසක්වල ලිපි මාලාව කියවන්න.:)

    ReplyDelete
  30. @Alexander Cage
    ඔබ කියන එක හරි /// මන් කියන්නෙත් මෙතන එවැනි නිර්මාණ හෝ ලෝකයේ රහස් සගවගේනසිටින තැනක් කියලයි
    සංවාදයේ යෙදීම ගැන සන්තෝෂයි ,,, මන් ඔබගේ ලිපි බලන්නම් ,,
    හමුවීම සතුටක් ,, :)
    දනිකන් ඉන්න ගමන් මේ පැත්තටත් ඇවිල්ලා යන්න

    ReplyDelete
  31. ඇත්තටම නිපුන් ලිපිය නම් ගොඩක් හොදයි. එ උනාට මටත් මේක ගොඩක් දුරට පිලිගන්න අමාරුයි. මම ඇමරිකව සුද්ද කරන නෙමෙයි එත් ඇමරිකවට මේවගෙ බොරුවක් කරන්න උවමනාවක් ඇති කියල හිතන්නෙ නෑ.

    එ වගේම තමයි AREA 51 සේවය කරපු සේවකයන්ගෙන් ලැබුනු තොරතුරු වලින් පිටසක්වල ජිවීන් සමග ඇති විවිධ සම්බන්දකම් ගැන හෙලි වෙලා තියනවා.

    මේක කොහොම රහසක් උනත් ඇමරිකවෙ ලොකු ලොක්කන් මේ පිලිබදව දැන සිටිය යුතුමයි. ඉතින් ඔවුන් අතේ AREA 51 ඡයා රුප පැවතිය හැකියි. අද පවතින තක්ෂණය මගින් ඒවැනි දෙයක් හොරෙන් ලබා ගැනිම එතරම් අපහසු දෙයක් නොවෙ. ඔබ පවසන මෙම් ඡය රුප එසේ ලබගත් ඡයා රූප විය නොහෙකිද?

    එසේම ඇමරිකාව ලබා ගෙන තියන සීග්‍ර තක්ෂණික දියුනුව පිලිබදවද විශල සැකයක් මතු වෙනවා. මෙ සදහා පිටසක්වල සම්බන්දතාවයක් තිබිය නොහැකිද?

    එ වගේම ඔබ මෙහිදි භශාවක් ගන සදහන් කරනව. අපි ගොලු බිහිරි පුද්ගල්යින් සමග සන්නිවේදනය කරන බව ඔබට අමතක උනාද?

    ඉතින් අපිට AREA51 මෙසේ නොසලකා හැරිය හැකිද?

    නිපුන් සහෝදරයා මම ඔබගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.

    ඔබට ජය!

    typing wala waradi athi samawenna.

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුව දාලා ගොඩක් දවස් වගේ මුලින්ම සොරි වෙන්න ඕනේ අද තමයි ගොඩ කාලෙකින් ආවේ කතාව ඇති අපි ඔයාගේ ප්‍රශ්න ටිකට බහිමුකො.....

      ඇමරිකාවේ බොරු ගැන කතාකරොත් අපිට වෙනම සංවාදයක් කරන්න වෙනවා ...

      ඔයා කියන විදියට ඒරියා 51 සේවකයින්ගෙන් මේවගේ තොරතුරු එලියට පිට වුනේ කොහොමද ??? අපි කවුරුත් දන්න දෙයක් තියනවා ඒ තමයි ඒරියා 51 වැඩ කරන අය එහෙට යන්නේ තමන්ගේ පවුලේ අයත් එක්ක සදහට එහෙ ජිවත් වෙන්න එහෙම යන අය කොහොමද එලියට එන්නේ .... අනික එහෙම කිහිප දෙනෙක් එලියට එවලා ඒ අයට ඔහොම දේවල් කියන්න කියලා කිව්වද කියල කව්ව්ද දන්නේ .... සල්ලි වලට අද තමන්ගේම සහෝදරයෝත් මරණ කාලේ මේවා ගැන මොන කතාද .. අනික එහෙම දේවල් කිව්ව ගමන් පිලි ගන්න මිනිස්සුත් මෝඩ නිසා ඇමරිකාවට ඒරියා 51 ගැන තමන්ට කැමති අදහසක් ජනතාව අතරට ගෙන යාම හරිම පහසුයි ,,,

      මම කියන්නෙත් මේවා ඇමරිකාවේ ලොක්කන්ගේ අනුදැනුම ඇතිව වෙනවා කියලා තමයි ,,, ඒ වගේ ලෝකෙක්ගෙන් පින්තුරයක් හොරකන් කරන්න තරම් තාක්ෂණයක් තිබෙනවානම් ඊට වඩා තාක්ෂණයක් එය රැක ගන්න ඔවුන් සතුව තිබිය නොහැකිද ?? පින්තුරයක් රැක ගන්න තරම් තාක්ෂණයක් ඔහුන්ට නැත්තම් ඔවුන් කොහොමද ලෝකයම ආරක්ෂා කරන්නේ ,,, ඕනෑම විදියේ පින්තුරයක් තාක්ෂණයෙන් සාදා එය ජනතාවට පෙන්වන්න කියා දුන්නාදැයි අපි දන්නවාද ??? එසේ පෙන්වන්න කියා කිව්වොත් ජනමාද්‍ය ඒවා නොපෙන්වා සිටීද ?? (ඔහුන්ටත් මෙය රස කර කර වාර්තා කර හැකි නිසා )

      ඔයා කියන සීග්‍ර තක්ෂණික දියුනුවට හේතුව පිටසක්වල ජීවින් නොවේ... ලෝකයේ සිටින දක්ෂයින් ඔහුන් ඔහුන්ගේ රටට ගෙන්වා ගන්නවා (විවිද වරප්‍රසාද ලබාදී ) අපේ රටේ කිදෙනෙක් ඇමරිකාවේ නාසා ආයතනයේ වැඩ කරනවද ... ඔවුන් ලෝකයේ දක්ෂයින් තමන්ගේ රටට ගෙන ඔහුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා ... ඒකයි ඔහුන්ගේ සීග්‍ර තක්ෂණික දියුනුවට හේතුව ,,,,

      බාෂා හුවමාරු කරන්නේ ඔබ කියන ක්‍රමෙටනම් පිටසක්වල ජීවින් ඔහුන්ගේ ලෝකයේ සිට අපිත් එක්ක කතා කරන්න skype තාක්ෂනයෙන්ද ??? :D :D :D :D :D අනික එවැනි දියුණු ජාතියක් ඔබ කියනවා විදිහට අපිත් එක්ක අදහස් හුවමාරු කර කර සිටීද නැත්තම්,අපේ ලෝකය යටත් කර ගනීද ? යන්න දෙවරක් සිතිය යුතුය

      ඔබේ මේ අදහස් හුවමාරුව ගැන මම කලිනුත් සංවාදයක් යෙදුනා උද කමෙන්ටු පොඩ්ඩක් බලන්න

      මාත් එක්ක සංවාදයට ආවාට ස්තුත්යි.... දිගටම මේ සංවාදය කරගෙන යමු ,,, මගේ කමෙන්ටුවට ඔබේ අදහස් බලාපොරොත්තු වෙනවා ....

      Delete
  32. අපිත් දැනට අවුරුදු 3කට විතර කලින් පිටසක්වල ජිවින් ගැන හෙවුවා.
    එතකොට අපි Area 51 ගැනත් කතා කරා. ඒත් , ඒතකොට අපේ යාලුවෙක් ඒ Area 51 එකේ පිටසක්වල ජිවින් නැ කියල ස්ථිර ලෙසම කිව්වා. ඒත් , එකට හේතුව ඇහුවාම , ඒකට මුකුත් කිව්වේ නැ. මම දින කිපයක්ම එකට හේතුව ඇහුවා , ඒත් කිව්වේ නැති නිසා , මම ටිකක් මිනිහගේ ජාතිය ඇමතුවා. ඕන්න ඒකේන් පස්සේ නම් , හේතුව කියන කිව්වා.

    මෙන්න මෙහමයි , ඒ දෙබස.

    මම - මොකද යකෝ Area 51 එකේ හේතුව කියන්නේ නැත්තේ ??
    උබව උන් අල්ලන් යාවි කියල බයටද ??

    යාලුවා - පිස්සුද උබට !! එහම නෙමේ බන් , ඒවා එහම කියන්න බැ.

    මම - ඇයි , ඒක මහා පුදුම කතාවක්නේ , ඇයි , උබට මටවත් ඒවා කියන්න බැ. දැන් , මම උබේන් මේ ගැන ද්වස් කියක් ඇහුවද . දැන්වත් කියපිය.

    යාලුවා - හරි හරි , උබේන් තියේන්නේ £%£*@ කරදරයක්නේ.

    මම දැන් කියන දේ නම් , උබ කොහමවත්ම විශ්වාස කරන එකක් නැ. ඒත් , මෙහමයි.

    අපේ අයියා කෙනෙක් ඉන්නවා , එයා වැඩ කරන්නේ ඔය Area 51 එක ඇතුලේ.

    Area 51 කියන්නේ , එයා මට කියල තියේන විධියට නම් පිටසක්වල ජිවින්ගේ පාරාදිසියක් නෙමේ.
    ඒක , පොළව යට තියේන වෙනම ලෝකයක්. ඒ කිව්වේ , Area 51 කියන්නේ භුගත් ගොඩක් ලොකු නගරයක්ලු.
    ඒක ඇතුලේ රෝහලක් , තැපල් කාර්යාලයක් , බැංකුවක් හා ගොඩාක් ලොකු ආමි කැම්ප් එකක් තියේනවා කියලයි මට කියල තියේන්නේ. එතන ආමි එකට අදාල යුධමය පරික්ෂණ හා අති විශාල අයුධ ගාබඩාවක් තියේනවලු.
    එහේ , ඉන්න සියලුම දෙනාට , ඒක ඇතුලේම ඉන්න නවාතැන් පහසුකම් පවා දිල තියේනවලු.

    මම - ඒ අයියා ඒහේ මොනවද කරන්නේ ??

    එයා , ආමි එකට ආහාර සපයන අංශයේ තමයි වැඩ කරන්නේ.
    එයා ලංකාවට එන්නේ ගොඩාක් කලාතුරකින්.

    ඕන්න , ඔය විධියට තමයි , ඔය කාතව ගියේ. මේකේ තියේන දෙබස් අපි ඒ වෙලාවේ කතා කරපු විධියටම නම් නැ. ඒත් , හරියට තියේනවා.

    මම දන්නවා , ඔයාලා මේක කියවල ඉවර වෙලා , පට්ටේටම හිනා වෙවි.

    ඒක ඔයාලගේ වැඩක් , මේක විශ්වාස කරනවා නම් කරන්න.

    ඒත් ඉතින් , මේක ලේසියේන් බැහැර කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. යන්තම් මම කිව්ව එක පිළිගත්ත එකක් හරි ඉන්නවනේ .......

      Delete
    2. මං මේ ගැන පිලිගන්නවා. එත් ඔබේ මිත්‍රයාගේ සහෝදරයා නොදන්නා ගොඩක් දේ තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඒ සහෝදරයා වැඩ කරන කොටසෙන් පිටට යන්නට නොදී ඉන්න හැකියාව තියනවා. දෙක මේ තුල සිට පැමිණි පුද්ගලයන් පවසන පරිදි ඔවුන් ඉන්නා ප්‍රදේශය පුළුල් තිර මගින් ආවරණය කර හමුදා සෙබළු ආරක්ෂාවට යොදවන අවස්ථා තිබෙනවා. තුන ඔහුත් සමහර විටක ජැනට් ෆ්ලයිට් මගින් හෝ බස් මගින් යන එන අයෙක් වන්නට බොහෝ ඉඩ තිබෙනවා. ඒ වගේ අය එහි ඇතුලේ වැඩ කරන්නේ නෑ. ඔවුන්ට ඇතුලේ වැඩ කරන්න වෙනම නාමයක් දෙනවා. ඒ නමින් තමා ඔවුන්ගේ සියලු කටයුතු සිද්ධ වන්නේ. ඒ මගින් ඔවුන් පිටට ගියත් ඔවුන් පවසන දෑ අසත්‍ය බව පවසන්න මුලිකම අඩිතාලම (ඔවුන් සේවයේ නොසිටි බව) වැටෙනවා.

      Delete
  33. athakota area 51 monawada thiyenne matanam meka kiyawala hena kuthuhalayak athi una.achcharai une

    ReplyDelete
  34. api හිතුවට වඩා ගොඩාක් එහ ගිය දෙයක් එතන සිද්ද වෙන්නේ.. අනිත් එක මිලිටරි බේස් එක්ක පැහැදිලිවම සක්වල ජිවින් සම්බන්ධතා පවත්වනවා. area 51 විතරක් නෙමෙයි එ අසන්නයේම තියන එස් 4 ගැනත් අවධානයට යොමු කිරීම වැඩගත්. පිටසක්වල ජිවින්ට සන්නිවේදනය කරන්න අපිට වගේ භාශවක් බවිතා කරන්නේ නෑ... එයාලා අදහ්ස් හුවමරු කරන්නෙ ටෙලිපති ක්‍රමයෙන්, මේ ගැන කියන්න ගොඩාක් දේවල් තියනවා නමුත් ටයිප් කරන්න ටිකක් අමාරුයි :)

    ReplyDelete
  35. Good point.. we shd think.

    ReplyDelete

පොස්ටුව කියවලා හිතට එන දේවල් වලට තිත නොතියා ...
අපිටත් දැන ගන්න මොනවා හරි කුරුටු ගාලා ගියා කියලා මයේ අකමැත්තක් නැහැ ....

Read More Post Slideout Widget For Blogger

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...