Thursday 25 October 2012

රෝමියෝ ජුලියට් හා වෙරෝනා නගරය

       කොහොමද කට්ටියට අලුත් පොස්ට් එකක් දන්නා ටිකක් කල්ගියා ගන්නන් ගන්න එපා ඉතින් ..... මන් කලින් පොස්ට් එකෙන් කිව්වනේ මම වැඩ පෙන්නන්න ගිහින් කාපු ජාත්‍යන්තර බයිට ගැන .. බලපු  නැති අය මෙතනින් බලන්නකෝ .... ඉතින් මන් එදා පොරොන්දු වුනානේ ඉතාලිය ගැන තව කතාවක් කියනවා කියලා .. ඔන්න  ඉතින් මන් අරං ආවා ඒ කතන්දරේ හරි කතාවට බහිමු ......

       මං ඉතින් පොඩි නිවාඩුවකට ඉතාලියට ආවනේ .... පොඩි කිව්වට පොඩිමත් නෑ..  :)  මං ඉතින් ආපු දවසේ ඉදලා ඉන්නේ "වෙරෝනා" කියන නගරයේ .. මේ නගරය ඉතින් ලෝකප් ප්‍රසිද්දයිනේ.. ඒකට හේතුව තමයි ලෝකප්‍රසිද්ද   රෝමියො ජුලියට්ගේ ආදර කතාවට සම්බන්ද නගරයක් වීම . මං ඉතින්  මෙහෙට ආපු ගමන්ම මට හම්බ වුනා නියම යාලුවෝ 2නෙක් එක් කෙනෙක්ගේ නම කොසිමෝ අනිත් එක්කෙනා තිලිණ. මේ දෙන්නා මට වැඩ අවුරුදු 3ක් විතර බාලයි . මේ දෙන්නා ඉතින් මෙහෙ තමයි වසදෙශේ .. තාම ඉස්කෝලේ යනවා . ඒ ගොල්ලන්ට ඉතින් ගිම්හාන කාලෙට මදි නොකියන්න ඉස්කෝල වලින් මාස 6ක්ම නිවාඩු දෙනවා. ඒ කොලේදී තමයි ඉතින් මාත් මෙහෙට පහත් වුනේ.. කොහොම හරි ඉතින් මට මේ දෙන්නා කිව්වා වෙරෝනා ටවුමේ වටයක් ගහන්න යන්න කියලා.. මාත් ඉතින් ගත් කටටම හා කිව්වා .. 3දෙනාම  ඉතින් පුටර් 3කින් ආවා වෙරෝනා ටවුමට,,,, එදා අපි ගියේ රෝමියෝ දනින් වැටිලා , ආදරේ ඉල්ලපු ජුලියට්ගේ ගෙදරට ..

                 ඔන්න ඇතුල් වෙන කොටම චුයින්ගම් ගුහාවකින් ඇතුල් වෙලා ජුලියට්ගේ මිදුලට ආවා ... ගියාට ඉතින් බලන්න කියලා ලොකු දෙයක් තිබ්බේ නෑ ... ඒ වුනාට මට හිතුනා මේ 2නගෙ පල හිලව්ව ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ කියලා. බලාගෙන යනකොට මේ අපි දන්නා ශේක්ෂ්පියර්ගේ රෝමියෝ ජුලියට් කතාව සියයට සියක් ඇත්ත නෙමෙයි ,, මුලින්ම මං කියන්නන්කෝ  මේ ආදර කතාව සරලව...(ශේක්ෂ්පියර් කියන විදියට කතාව )


 
     
              "" රෝමියෝ හා ජුලියට් කියන දෙන්නම සිටු පවුල් වල උදවිය . ඉස්සර මේ වැදගත් අයගේ උත්සවයක් තියනවා  . ඒ උත්සවයේ කරන්නේ වෙස්මුණු පලද ගෙන නර්තනයේ යෙදෙන එක (මං ඒ ගැන වැඩි විස්තරයක් කලින් පොස්ටුවක කිව්වා බැලුවේ නැත්තම් මෙතනින් බලන්නකෝ ) ඒ උත්සවයකදී තමයි මේ දෙන්නම් හම්බ වෙන්නේ ..   ආ... කියන්න අමතක වුනා මේ දෙන්නගේ පවුල් 2  අතරේ  ජම්‍යාන්තර වෛරයක් තියෙනවා ,,, ඉතින් මෙහෙම හම්බ වුන මේ දෙන්නා අතරේ ආදරයක් පටන් ගන්නවා . මේ මේ ආදරේ පිලිබදව ජුලියට්ගේ පවුලේ "MERCVZIO" කියලා කෙනෙක්ට  මේ සම්බන්දෙ ගැන ආරංචි වෙලා රෝමියෝගේ පවුලේ අයත් එක්ක ආරවුලක් ඇති කර ගන්නවා මේ අරවුලේදී රෝමියෝ ගේ  අතින් මේ මිනිහා මිය යනවා ... ඊට පස්සේ රෝමීයෝට මරණදණ්ඩණය  නියම කරනවා .. මේකෙන් මිදෙන්න කියලා හිතා ගෙන රෝමියෝ වෙරෝනා නගරයේ කාටත් හොරෙන් පිට වෙලා වෙලා යනවා .මේ අතරේ ජුලියට්ගේ තාත්තා  ජුලියට්ට " PARIDE " කියලා කෙනෙක්ව  විවාහයට යෝජනා කරනවා. ජූලියට් මේ විවාහයට කැමති වෙන්නෑ .. එකට හේතුව තමයි රෝමියෝ ... ඉතින් මේ රෝමියෝව ජුලියට්ගෙන්  ඈත් කරන්න කියලා හිතාගෙන "NARCOTICO" කියන නිදි බෙහෙත අයට දුන්නා . (මේ කියන නිදි බෙහෙත ලබා දුන් විට ඒ කෙනා දින කිහිපයක් දීර්ග නින්දකට වැටෙයි ) මේ බෙහෙත දීලා  දීර්ග නින්දකට වැටුණු ජුලියට්ව සොහොනක තබා රෝමීයෝට පණිවිඩියක් යැව්වා ඇය මිය ගිහින් කියලා. මේ පණිවිඩය ලැබුණු  ගමන් රෝමියෝ නැවතත් වෙරෝනා නගරයට ආවා . ඇවිත් සොහොන ලගට ගිහින් දීර්ග නින්දට වැටිලා ඉන්න ජුලියට් මියගිහන්  කියලා හිත ගෙන ඒ දුකට එවෙලේම වස බී දිවිනසා ගත්තා .. ඉන් ටික වෙලාවකින් අවදි වුන ජුලියට් මේක දැකලා ඇය රෝමියෝගේ කිනිස්ස අරගෙන එයින්  දිවි නසා ගත්තා .""


රෝමියෝගේ හා ජුලියට්ගේ මං කිව්ව කතාව මේක බැලුවම ඔයාලට තවදුරටත් තේරෙයි
          
           
පළමු කොටස මෙතනින් ගිහින් බලන්න (මේ වියෝව මෙතනද දන්නා බැලුව බැරි වුවා)


                     
  දෙවන කොටස
                                            
                   මං කිව්ව ඔය කතාව, ලෝකප් ප්‍රසිද්දයි. රෝමියෝ ජුලියට් ගැන හැමෝම දන්න කතාව තමයි  ඕක,නමුත් මං කිව්වනේ මේ කතාව සියටට  සියයක් ඇත්ත නෙමෙයි කියලා . මේ කතාවේ හැටියට  ඇත්තට  ම මේ වගේ පවුල් 2ක් හිටියා  . එක පවුලක් තමයි  " MOTECOHI " (රෝමියෝගේ ) අනිත් පවුල තමයි " CAPVLETI " ( ජුලියට්ගේ ) . තව දෙයක් කියන්න ඕනේ මේ රෝමියෝගේ ඇත්ත නම තමයි  රෝමෙයෝ ,,, එතකොට ජුලියට්ගේ ඇත්ත නම තමයි ජුලියෙත්තා ,,,... මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් වෙනස් කරලා අබුල් තියල් එහෙම දාල තමයි ශේක්ෂ්පියර් මහත්තයා මේ කතාව ලියල තියෙන්නේ.... කතාව කියෙව්වාම තේරෙනවනේ මොනවද බොරු මොනවද ඇත්ත කියලා... ඒ වගේම තමයි දැන් වෙරෝනා  වල තියන ජුලියට්ගේ මන්දිරය කියන එක ඇත්ත මන්දිරය නෙමෙයි නමුත් ඒකත් අතීතයේ සිටු නිවසක් ...



ජුල්යට් ගේ  නිවාස යැයි කියන සිටු නිවස
                  

                                මොනවා වුනත් ශේක්ෂ්පියර් මහත්තයට පින් සිද්ද වෙන්න අද වෙරෝනා නගරය ලෝක උරුමයක් ...  ඒ නිසා  මං හිතුවා වෙරෝනා නගරය  ගැනත් මේ එක්කම පොඩි විස්තරයක් ඔයාලට දෙන්න.. නැත්තම් මට මේ ටික කියන්න අයේ තවත් පොස්ටුවක් ලියන්න වෙනවනේ  :) 

             වෙරෝනා නගරය පිහිටලා තියෙන්නේ " VENETO " කියන දිස්ත්‍රික්කයේ ... අයත් පළාත නම් වෙරෝනා ,,,, වෙරෝනා නගරය පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉදන් 59m ක් ඉහලින්  , .... නගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර 206,64 ක් .වෙරෝනා නගරය හදුන්වන කෙටි නාමය තමයි  " VR " ,, ස්ථිර පදිංචි කරුවන් 264,535 ක් ජිවත් වෙනවා , මේ නගරයේ මිනිසුන් හදුන්වන්නේ " VERONESI " කියලා ,,, වෙරෝනා නගරයේ ප්‍රදාන ගුවන්තොටුපොළ තමයි " VALERIO CATULLO " නගරය වටා  ගලා යන ලස්සන ගංගාවක් තියෙනවා .. මේකේ නම තමයි  " ADIGE " ,,,


වෙරෝනා ලාංචනය 








වෙරෝනා කොඩිය






වෙරෝනා සිතියම


2010 සමීක්ෂණයකට අනුව ,,,
      වෙරෝනා නගරයේ නිතියානුකුලව ජිවත් වන
               විදෙශිකින් ගණන


1
bandiera රොමේනියාව 8.056
2bandiera ශ්‍රී ලංකාව 6.672
3bandiera මොල්දාවියාව3.354
4bandiera මොරොක්කෝ 1.918
5bandiera නයිජීරියාව1.831
6bandiera ඇල්බේනියාව 1.673
7bandiera චීනය 1.457
8bandiera ගයනාව 1.362
9bandiera බ්‍රසීලය 982
10bandiera තුනිසියාව714
වෙනත් 8.647


          ක්‍රිස්තුපුර්ව 3 වන ශතවර්ෂයේ,, රෝම අදිරාජ්ජයේ උතුරු ඉතාලියේ මුලස්ථානය වුනේ මේ වෙරෝනා නගරය . වෙරෝනා නගරය විශාල කදු පන්ති වලින් ස්වාභාවිකව ආරක්ෂා වෙලයි තියෙන්නේ .... මෙහෙ ප්‍රදාන ආරථික තමයි කෟෂිකර්මාන්තය. ඒවගේම  තමයි වෙරෝනා නගරය කර්මාන්ත පුරවරයක් .ඉතාලියේ වයින් වලට වඩාත්ම ප්‍රසිද්ද වෙරෝනා නගරයයි .





ADIGE ගංගාව  


          වෙරෝනා නගරයේ රෝමයේ වගේ අතීතයේ සටන් කරපු හා උත්සව පවත්තපු විශාල රග බිමක් තියෙනවා අදටත් වෙරෝනා නගරයේ තියෙන මේ රග බිමේ උත්සව පවත්වනවා  . විශේෂම දේ තමයි  ඉතාලියට මෙවැනි පැරණි රගහල් බ්ම් 2යි තියෙන්නේ ... එකක් රෝමයේ අනෙක් එක වෙරෝනා නගරයේ ..


  වෙරෝනා එළිමහන් රංග පීටය








 තවත් පින්තුර කිහිපයක් ,,,,,,,,,,,






ජුලියට්ගේ සොහොන            


 
                                               
                                                         ජුලියට්ගේ පිළිරුව


                                                      
 වෙරෝනා නගරයේ සිටින අපුරු යුවලක්

 

  


                                ජුලියට්ගේ  සිටු මැදුර











මේ තියෙන්නේ ජුලියට්ගේ මැදුරට යන පාර
මේක තමයි මං ඔගොල්ලන්ට  කිව්වේ චුගුයින්ගම්
ගුහාව කියලා ,, මේකේ තමන්ගේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ
නම සදහන් කර අලවා තිබේ . ඒ ඇය විශ්වාස කරනවා එතකොට
ඔහු හෝ ඇය තමන්ට හිමි වෙනවා කියලා  (මන්නම් ඉතින් ඔකේ ඇලෙව්වේ නෑ )




             
                             නත්තලට රග බිම සකසා ඇති ආකාරය




                                              රග බිමේ මෑත කාලයේ පැවැත්තු ප්‍රසංගයක්





          මේ  විස්තර ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ ... ඕගොල්ලන්ට හිතෙන දේ කමෙන්ට් කරලා යන්නකෝ ,, එහෙනම් ගිහින් එන්නම් ,,,,,,,, හදිසියේ ලියපු ලිපියක් නිසා අඩුපාඩු ඇතොත් සාමාවන්න

11 comments:

  1. හරි අපූරු ජයාරූප ටික මචන්.
    ඒත් කෝ රෝමියෝ ජුලියට් කතාවේ බොරු?.

    ReplyDelete
  2. @???????? ?????? නිශාන් මේ පරිච්ඡේදය ඔය හදට කියවන්න ඔයාට එක පාරටම තේරුම් ගන්න බැරි වෙන්න ඇති ,එහෙම නැත්තම් මගේ මේ ලිපිය අසාර්ථකයි (මගේ වැරැද්ද ) මං කිව්ව ඔය කතාව, ලෝකප් ප්‍රසිද්දයි. රෝමියෝ ජුලියට් ගැන හැමෝම දන්න කතාව තමයි ඕක,නමුත් මං කිව්වනේ මේ කතාව සියටට සියයක් ඇත්ත නෙමෙයි කියලා . මේ කතාවේ හැටියට ඇත්තට ම මේ වගේ පවුල් 2ක් හිටියා . එක පවුලක් තමයි " MOTECOHI " (රෝමියෝගේ ) අනිත් පවුල තමයි " CAPVLETI " ( ජුලියට්ගේ ) . තව දෙයක් කියන්න ඕනේ මේ රෝමියෝගේ ඇත්ත නම තමයි රෝමෙයෝ ,,, එතකොට ජුලියට්ගේ ඇත්ත නම තමයි ජුලියෙත්තා ,,,... මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් වෙනස් කරලා අබුල් තියල් එහෙම දාල තමයි ශේක්ෂ්පියර් මහත්තයා මේ කතාව ලියල තියෙන්නේ.... කතාව කියෙව්වාම තේරෙනවනේ මොනවද බොරු මොනවද ඇත්ත කියලා... ඒ වගේම තමයි දැන් වෙරෝනා වල තියන ජුලියට්ගේ මන්දිරය කියන එක ඇත්ත මන්දිරය නෙමෙයි නමුත් ඒකත් අතීතයේ සිටු නිවසක් ...

    ReplyDelete
  3. අපූරු ලිපියක් සහෝ! ගොඩක් ආසාවෙන් කියෙව්වේ..ජයම වේවා!

    ReplyDelete
  4. ඔන්න මාත් ආවා... හි හි...

    ඔය ලවු ස්ටෝරි හැම එකකම පොඩි පොඩි අතිශයෝක්ති තියෙනවා මලයෝ.. නැත්තම් කිසි ගතියක් නෑ නේ.. ෂේක්ස්පියර් උන්නැහෙත් ඔය ගැන දැනගෙන ඉන්න ඇතිනේ... හි හි

    ReplyDelete
  5. @හිරු එකනම් ඇත්ත , නැත්තම් එකේ රසයක් නැති වෙනවනනේ ,,, එත් සමහරු හිතන්නේ මේ ලියවිලා තියන දේවල් සැබෑ ජීවිතයේ ඒ විදියටම වෙනවා කියලා .. :)

    ReplyDelete
  6. පින්තූර ටික නම් මරු..
    චුයින්ගම් ගුහාවෙ නම අලවලනෙ එන්න තිබ්බෙ..
    කතාව ලස්සන කරන්න කොහොමත් ලුනු ගොරක පොඩ්ඩක් දාන්න වෙනවනේ..

    ජය..

    ReplyDelete
  7. @බණ්ඩා... චුයින්ගම් ගුහාවේ අලවන්න කවුරුත් තම හම්බ වුනේ නැනේ .. අපි හොද ළමයි නේ ...

    ReplyDelete
  8. හරිම අපුරුයි බ ං අයෙමත් එන්නම් .. ජයෙන් ජයෙම වෙවා...

    ReplyDelete
  9. @සචිත් එල මචන් මගේ පරණ පොස්ට් කියවන්න ... සාදරෙන් පිලිගන්නවා ,,, මගේ බ්ලොග් එකට

    ReplyDelete
  10. ස්තූතියි

    ReplyDelete

පොස්ටුව කියවලා හිතට එන දේවල් වලට තිත නොතියා ...
අපිටත් දැන ගන්න මොනවා හරි කුරුටු ගාලා ගියා කියලා මයේ අකමැත්තක් නැහැ ....

Read More Post Slideout Widget For Blogger

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...