Wednesday 17 October 2012

මටනම් ආයේ නාන්න ඕනේ නෑ... ( ඇයි යකෝ මටම වෙන්නේ )

     

      කට්ටියට කොහොමද ඉතින් ඔන්න හ‍රියටම සතියකට පස්සේ මං අයේ ආවා .... මගේ කලින් වැනීසිය ගැන ලිව්ව පොස්ටුව කස්ටිය බලන්න ඇති නේ ...  බැලුවේ නැත්තම් මෙතනින් යන්නකෝ ... ඒ පොස්ට් එක බලලා කමෙට්ටු එහෙම දාපු අයට බොහොම ස්තුතියි.. 
                                   අදනම්  කියන්න යන්නේ මට වෙච්ච ජාත්‍යන්තර නෝන්ඩියක් ගැන .. කතාවට බහිමුකෝ ....

                       මට ඉස්කෝලෙන් තරගෙකට ඉන්දියාවේ යන්න හම්බ වුණා.ඒ මං ඉස්කෝලේ 7 වසරේදී. මේ තරගෙට යන්න අපේ ඉස්කෝලෙන් මාත් එක්ක තව 10ක් විතර සම්බන්ද වුණා. ඒ වගේම කොළඔ ප්‍රසිද්ධ පාසැල් වලිනුත් කට්ටිය සහභාගි වුණා. ඔක්කොම 60 දෙනෙක්  විතර හිටියා. ඔන්න ඉතින් පිටත් වන දවසත් ලංවුණා ... කට්ටියම ආවා ඉන්දියාවට .. අපේ තරග යෙදී තිබුනේ දවස් 2යි. එත් අපි අවේ දවස් 7කට. පලවෙනි දවස් 2කෙදි අපි තරගෙට  සහභාගි  වුණා . ඕයේ !!!....  අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් කප් එක ගැහුවා ..... ඒ කියන්නේ ඉතින් අපි ඔක්කොම දින්නා වගේ තමයි :) ඒ ප්‍රීතියත් එක්ක අපිට තව ගත කරන්න දවස් 5 ඉතිරි වෙලා තිබුණා...

                                මේ දවස් 5හෙම කරේ ඉතින් වටේ ඇවිදින එක තමයි. තරගෙන් පස්සේ පලවෙනි දවස ගත කරන්න නියමිතව තිබුනේ ඉන්දියාවේ ජල ක්‍රීඩා උද්‍යානයක .ඉතින් එදා උදෙන්ම ගියේ කට්ටිය හොදට නා ගන්න කියලා .. තැනට ගිහින් බැස්සා විතරයි .......

                             ලොකුවට බෝඩ් ලෑල්ලක් ගහලා තියෙනවා " pool area closed " මදැයි කොලා.... හ්ම් ... මොනවා කරන්නද .. කමක් නැ පාක් එකේ අනිත් ඒවා හරි තියෙනවා කියලා හිතා හදාගෙන ඇතුලට ගියා.... අයියෝ !!!!!!  මට ඇතුල දැක්කම මතක් වුනේ .. ලංකාවේ විහාරමහාදෙවි පාර්ක් එක .. එකේ තියන ඒවා හොදයි පොඩි උන්ට අහෝ ... දෙවියනි අදනම් fun එකක් ගන්න වෙන්නෑ.....කියලා හිතනකොටම මෙන්න එකෙක් කැ ගහනවා  "මචන් එහා පැත්තේ beach එකක් තියනවා වරෙන් යන්න එතනින් නාමු" කියලා අම්බෝ ...... වතුර දැක්කත් ඇති ඇග කිලිපොලා යනවා (එදානම් නාන්න ඕන වෙලයි තිබුනේ එකයි ...) දඩබඩ ගාලා කට්ටිය දුවගෙන ගියා beach එකට  ,,,,,,, කරපු  පව් එනකොට එන්නේ ටොකු ඇන ඇනලු... ඇයි මටම වෙන්නේ ....


                ලොකුවට ලෑලි කැල්ලක් ගහලා තියෙනවා "danger no swimming " කට්ටිය ඒක දැකපු වෙලේ අඩපු නැති එක විතරයි . අන්තිම අවස්ථාවත් ගිලිහී ගියා ... මොනවා කරන්නද ?????  කට්ටිය වැටුණු වැටුණු තැන වල මුඩ් ගහලා ... (කොල්ලෝ විතරයි ) කෙල්ලෝ ටික ඉතින් රැල්ල පාගනවා ආතල් එකේ . ඔහොම ඉන්නකොට එකෙක් බෝලයක් අරං ඇවිත් සෙල්ලම් කරමු කිව්වා.... මොනවා කරන්නද පටන් ගත්තා සෙල්ලම් කරන්න ..... ශා... පට්ටනේ ටිකක් වෙලා යනකොට එකෙත් පොඩි ගතියක් දැනුනා....

           විනාඩි 15වක් යන්න හම්බවුනේ නෑ,,, මිස් කෑ ගැහුවා  "එන්න දැන් යමු කියලා"  මටනම්  එදා දවසම එපා වුණා .... කට්ටිය බස් එකට නැග්ගේ හරියට පරිප්පු නැති හෝටලේකට රිංගනවා වගේ ... ඊට පස්සේ ගියේ අපි ඉන්දියාවේ කෞතුකාගාරයකට... එකේ ඇතුලෙනම් පොඩි ගතියක් තිබුණා. කොහොම හරි ඉතින් පැය 2 ක් විතර එකේ ඇතුලේ ඉදලා එලියට ආවා. අපි ආපු බස් එක නැවැත්තුවේ ටිකක් දුරින්,, සර් ගියා බස් එක එක්කන් එන්න.
            
                         කෞතුකාගාරයේ ඉස්සරහ තිබ්බා පොඩි පොකුණක්..,, කට්ටිය ඉතින් එක එකා ඕකේ එහාට මෙහාට පැන පැන හිටියා..,,, මටත් කම්මැලි නිසා හිතුනා මේ පැත්තෙන් එහා පැත්තට පනින්න..... හ්ම් හ්ම් ... පස්සේ හිතුනා ඕනේ නැ කියලා ... මොකද කියලා තියනවනේ පනින්න පෙර හිතා බලනු කියලා ... ඕන මගුලක් කියලා පනින්න හදනකොටම කකුල ලිස්සලා පොකුණට වැටුනා,,,,,,,, අම්මටසිරි මේක පේනවට වඩා ගබුරුයිනේ ..... වතුරේ යටදී නම් හිතුනේ මේක වෙන්න බැ වෙන්න බැ ..... මේක හීනයක් කියලා . මොකද වස නෝන්ඩිය නේ,,, පීනන්න පුළුවන් නිසා උඩට ආවා  ෂික්... හීනයක් නෙමෙයි නේ ,,, හිත හදා ගන්න එහෙම හිතුවට ඒක හීනයක් නෙමෙයි... කියලා හිතුනා ,,,,

                      වස නෝන්ඩිය අපිත් එක්ක ආපු එවුනුයි , වටේ ඉන්න උනුයි ඔක්කොම බලන් ඉන්නවා ... එතකොට නම් හිතුනා ලජ්ජාවට ආයේ පනින්න . මොනවා කරන්නද.. අදුනුත් තෙතයි ... පැමිණි දුක් මී රසයි කියලා හිතාගෙන ඉන්නකොට අපේ ඉස්ස්කොලේ අයියා කෙනෙක් වෙන ඇදුමකුත් දුන්නා.. ඒකත් ඇදගෙන බස් එකට නැගලා එන ගමන් හිතුවේ කොහොම හරි නෑවා කියලා හිතා හදා ගන්නවා කියලා.

              මොනවා උනත් එදා ඉදන් මං ලංකාවට එනකන් පඩි පෙලකින්වත් පැන්නේ නෑ ,,,,,,, එදා ඉදන් ඉස්ස්කොලේට ගියාම මේක දන්න කීප දෙනා මතක් කර කර බයිට් දුන්නා. අද ඉදන් ඉතින් ඔක්කොලම දන්නවා ,,,,, එහෙනම් ඉතින් මගේ කමෙන්ට් බොක්ස් එකේ මට බයිට් එකක් ද දාගෙනම යන්නකෝ ..(මං දන්නවා කිව්වේ නැතත් ඕක කරනවා කියලා )

අපේ facebook fan page  එකට like  එකක් දා ගෙනම යන්නකෝ  මං ඊලග පොස්ටුවෙන්  දාන්න හිතන් ඉන්නේ ඉතාලියේ තවත් ලස්සන තැනක් ගැන එහෙනම් ඊලග පොස්ටුවෙන් හම්බ වෙමු ... ගිහින් එන්නම්....

8 comments:

  1. පොකුනට වැටෙන කොට කෙල්ලෝ ටිකත් හිටියද.....? :D :D

    ReplyDelete
  2. @Lahiru Mudith ඔව් බන් විලි ලැජ්ජයි ,,

    ReplyDelete
  3. හූ ඈ :D
    පාසි පිරුණු පොකුණක් නම් ඉතාමත් ලොල් සහගත සිද්දියක් :D

    ReplyDelete
  4. @???????? ?????? පෙර කර පිනකට එකනම් වුනේ නැ ...

    ReplyDelete
  5. උබ ඉන්දියාවේ හොටු කෑලි වලට වැද පෙන්නන්නනේ ගියේ.. හොඳ වැඩේ

    ReplyDelete
  6. @Mee Godayaa ලංකාවේ කෑල්ලක් හරියන්නැති නිසා ඉන්දියාවටවත් බහින්න හැදුවේ වැඩේ දෙල් වුණා

    ReplyDelete
  7. හෙන ජුජුබ්සා ජයකයි ඔයි ..... :D:D:D:D මට මේ පෝස්ට් එක මග ඇරිලා නේද .....

    ReplyDelete
  8. @දිනේල්ක පහු වෙලා හරි දැක්කනේ ... :)

    ReplyDelete

පොස්ටුව කියවලා හිතට එන දේවල් වලට තිත නොතියා ...
අපිටත් දැන ගන්න මොනවා හරි කුරුටු ගාලා ගියා කියලා මයේ අකමැත්තක් නැහැ ....

Read More Post Slideout Widget For Blogger

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...