බුකියෙන් හමුවුනා කිසිදා නොදන්නා මිතුරියක්...
හායි කියා එව්වා ඇය පණිවිඩයක්...
දිනක් දෙකක් ගෙවුනා හමුවී ඇයත්...
මැදියම් රැයක ඒවා තිබුනා love you කියලා පණිවිඩයක්...
වරක් දෙවරක් නොව තුන්වරක් බැලුවා පිසදා දෑස මගේ...
මොකක්ද මේ වෙන්නේ හීනයක් වගේ...
මොකක් වුනත් කමක් නෑ යැව්වා පිළිතුර මගේ...
me 2 නංගි දෙන්නම් ආදරේ බොක්කෙන් මගේ...
එව්වා ඇගේ අංකය දුරකතනේ...
සතියක් දෙකක් කතා කරා රෑ යාමේ...
දිනක් කිව්වා හුමුවන්නට ඕනේ කියා ලගදී අනේ...
කොල්ලත් හා කිව්වා බලන්න ඕනේ නිසා අනේ...
ජැන්ඩි පහට ඇද ගෙන ගියා හමුවන්න ඇය...
පැයක් දෙකක් ගියා අනේ තාම නැනේ ඇය...
දැන් එනවා දැන් එනවා කියනවා ඇය...
ඉවසන් හිටියා කීයට හෝ එයි කියා ඇය...
සුදු දෑතක් තිබ්බයි මගේ කර උඩ...
බැලුවයි කවුද කියා පිටුපස...
මගේ දිව පැටලුණි සතර කොන...
නැතුවයි තිබුනේ අංකය හුමුවුණු එකත් හොදයි ඔයා...
මෙන්න මගේ අංකය දෙන්න මට ඇමතුම පසුව කියා...
අංකයක් දුන්නයි අක්කා සිරික්කිය දමා...
සටපට ගාලා එබුවයි දුන් අංකය එයා...
මල කෙලියයි අක්කද බුකියේ චැට් කරේ එදා...
කොහොමද මුහුණ දෙන්න මෙමා...
සතර අතේ කල්පනා කරන්නේ මෙමා...
මට මොකද අක්කනේ love you කිව්වේ එදා...
සැ.ය.
>> සත්‍ය කතාවක් ඇසුරෙන් සුදුකල අසත්‍ය කතාවකි ...(අන්සතු අත්දැකීමකි )
>>රුවිතට ලිව්ව මොකක්ද මන්ද එකක්ය එනිසා මේ මොකක්දැයි විමසීමෙන් වලකින්න
විනාසයි.... ඊට පස්සේ අක්කව හම්බුනාද..........????
ReplyDeleteනැතුව නැතුව
Deleteකම්බි වැට පණින එක විතරනේ . වැඩේ නැගලා යන්න ඇති
ReplyDeleteඅඩේ අපි හොද ළමයි අපිනම් ඕවට නෑ
Deletewili lejjaawe santhoose be.......
ReplyDeleteඇත්ත ඇත්ත
Deleteඉතින් ඊට පස්සේ මොකද වුණේ? අක්කත් මාර යි :)
ReplyDeleteමොනවා වෙන්නද තැන තැන ඕක කියා කියා මාව බයිට් කරනවා
Deleteවිනාසයි... ඊට පස්සේ මොකද උනේ :O කොල්ලන්ට love u කියන කෙල්ලොත් ඉන්නවද
ReplyDeleteඒක තමයි මමත් බැලුවේ
Deleteඉන්නවා.. අම්මෝ අදහස් වලට ලව් කරලා එක කෙල්ලෙක්ගෙන් විසුමක් වෙන්න බැරුව ගියා. මට තේරුනා ඇඟටමයි එන්නෙ කියල.. මම කිව්ව ඉතින් මේ මට මෙම දෙයක් තේරෙනවා අනේ ඒම දෙයක් තියනවනම් ගහ පොඩි කාලෙදිම කපන්න ලොකු උනාම කපන්න අමාරුයි කියලා.. අන්තිමේ ඉතින් කියන්න ගත්තෙ නැද්ද ?
Deleteදැං උබලා අහන ප්‍රශ්නෙ මම දන්නව :D
නෑ බං.. මං එතකොට කෙනෙක්ගැන හිත හිත ඉදියෙ.. ඒකිගෙ ප්‍රොපයිල් එකට ගියාම මට වඩා හෙන උස එකියක්.. මාව දකින්නෙවත් නැතුව තමයි එයා ඒම කියල තියෙන්නෙ.. මං ඉතින් බොහෝම කරුනාවෙන් එයාට කියල දුන්නා...ඒකට අර මම කැමැත්තෙන් හිටිය එක්කෙනත් මල පැනල හිටියෙ හැබැයි :D
අවසානය - දැන් එයාට කෙනෙක් ඉන්නවා.. මට තමයි නැත්තෙ.. හුකැස් :D
ඇඩෙනවා
Deleteදෙන දෙයියො ඔය ටොක්කක් ඇනලම දීල තියෙන්නෙ
ReplyDeleteකියලා වැඩක් නෑ වදින එක හිල් වෙන්න වැදුනා
Deleteලැජ්ජාව බාල්දියෙන් එකයි
ReplyDeleteබල්දියෙන් බේරුණු නිසා හොදයි
Deleteඒ කියන්නෙ අක්ක දැනගෙන ද ඉඳල තියෙන්නෙ?
ReplyDeleteඔව් එකනේ ඉවසන්න බැරි ලැජ්ජාව
Deleteමම වීඩියෝ එකක් දැක්කා. ස්කයිප් චැට් එකක්.. කොම හරි ටෙක්ස්ට් කරල ඉවර වෙලා වීඩියෝ කෝල් එක ගන්නකොට හුටා තාත්තයි දුවයි :D
ReplyDeleteඔය වගේ සීන් කොච්චර වෙනවද බන්
Deleteහරිම කුප්පයි අනේ :3
ReplyDeleteආයෙත් අහලා පචාතයි
Deleteහත් වලාමයි....අසහනකාරී Girl at the next door....:D
ReplyDeleteමමවත් සහනයක් දෙන්න බැලුවේ
Deleteheeeeeeee
ReplyDeleteඅල්ලපු ගෙදරනෙ වැඩෙ ලෙසි වෙන් ඇති :P
ReplyDeleteඑක හුවයි
Deleteවැට පනින එක විතරයි
Delete